ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක පුටුව ගුවන් නියමුවෙකුට

    September, 11, 2015

    ගුවන් නියමුවෙකු ලෙස හසල අත්දැකීම් ඇති සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්කර තිබේ.

    ඔහු විසින් ගුවන් සැතපුම් 18,000 කට වැඩි ප්‍රමාණයක් පියාසර කර තිබෙන අතර Boeing B-777 සහ Airbus A380 ගුවන් යානා ඔහුට ධාවනය කළ හැකිබව ශ්‍රී ලංකන් කියයි.

    එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ හෙතෙම Embry Riddle Aeronautical විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates