ශ්‍රී ලංකන් “සදාතනික වසන්තය“ සොයා යයි

    November, 20, 2014

    ලොව සුන්දරතම ගමනාන්තයක් වන චීනයේ කුන්මිං වෙත මෙම දෙසැම්බර් මස 01 වෙනි දින සිට මෙහෙයුම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකන් මේ වනවිට චීනයේ බීජිං, ෂැන්ග්හයි, කැන්ටන් සහ හොංකොං වෙත සතියකට ගුවන් ගමන් වාර 15 සිදුකරනු ලබන අතර “සදාතනික වසන්තය “ යන නමින් ප්‍රචලිත කුන්මිං නගරය නිරිත දිග චීනයේ යුනාන් කළාපයේ අගනුවර මෙන්ම භූමි ප්‍රමාණයෙන් විශාලතම නගරය වේ.

    මෙම නගරය විශ්ව විද්‍යාල, කෞතුකාගාර, කලාගාර සහ සංස්කෘතික සහ අධ්‍යාපන ආයතන වලින් සමන්විත වන අතර විවේකය සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු සඳහා සුදුසුම සංචාරක ගමනාන්තයක් ලෙස කුන්මිං සැලකේ.

    මේ වසරේ සැප්තැම්බර් වනවිට චීනයේ සිට සංචාරකයින් මිලියනයක් ලංකාවට පැමිණ ඇති අතර එය පෙර වසර හා සැසඳීමේදී පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි.

    ශ්‍රී ලංකන් කුන්මිං වෙත සතියකට ගුවන් ගමන් වාර තුනක් සිදු කරන අතර සඳුදා, බඳාදා සහ සිකුරාදා යන දිනවලදී පැය 1835 කොළඹින් පිටත් වී පැය 0150 ට චීනයේ කුන්මිං වෙත පැමිණෙනු ඇත. එසේම කුන්මිං සිට පැය 0255 ට පිටත්ව පැය 0545 ට කොළඹට නැවත පැමිණිමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණියේ A320 වර්ගයේගුවන් යානා මේ සඳහා යොදවා ඇත.