August, 1, 2014
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අගෝස්තු මාසයේ සිට APOT.Asia (Asia Pacific On-board Travel) සංවිධානයේ සභාපති ධූරයට පත්ව ඇත. එම තනතුර සඳහා පත්වන ප්‍රථම ශ්‍රී ලාංකිකයාද වන්නේ ඔහුයි.
නව සංචාරක කළාප බොහොමයක් ආකර්ශනය කර ගැනීම අරමුණු කර ගනිමින් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් හඳුන්වා දෙන ගෝලීය සංවිධානයක් ලෙසින් APOT සංවිධානය හඳුන්වා දිය හැක. එහි ගුවන් සේවාවන්හි, අභ්‍යන්තර නිෂ්පාදන සහ සේවා සපයන්නන්,ගුවන් සේවා ආහාර පාන සපයන්නන්, ආහාර ද්‍රව්‍ය සැපයුම් කරුවන්, ගුවන් සේවා කළමනාකරුවන්, සත්කාරක පාර්ශ්‍රවකරුවන් සහ මාධ්‍ය සංවිධාන යනාදිය මෙහි සමාජිකත්ව ජාලයට ඇතුළත් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කලාපයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන ආයතනයක් වන APOT සංවිධානයේ සභාපතිවීම ගෞරවයක් ලෙසින් සලකන බවයි.
APOT සංවිධානය කලාපයේ සංචාරක ප්‍රවර්ධනය සඳහා විවිධ පාර්ශ්‍රවකරුවන් දායක කර ගනිමින් සංචාරක ආකර්ශනීය ස්ථාන පිළිබඳව දැනුවත් කරමින් ව්‍යාපාර හා ආයෝජන අවස්ථා වර්ධනය කිරීමටද කටයුතු කරන සංවිධානයකි. මෙමගින් නව සංචාරක අභිවෘද්ධිය සඳහා වන මූලික අදහස් හා දැනුම හුවමාරු කර ගන්නා අතර ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් සංචාරක පැමිණීම් සංඛ්‍යාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරනු ලබයි.
මෙමවසරේ වියට්නාමයේ Danang හිදී පැවැත්වූ මෙහි ප්‍රධාන සමුළුවේදී නිශාන්ත වික්‍රමසිංහ මහතාද ආරාධිත කථිකයන් අතර සිටි අතර එහිදී ලබන වසරේ APOT සංවිධානයේ ප්‍රධාන සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා අරාධිතයින් 250 ක් සහභාගී විමට නියමිතව ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වසරේ මැයි මස 01 වෙනිදා සිට ගුවන් ක්ෂේත්‍රයේ සියලුම සේවා හා ප්‍රතිලාභයන් සම්පූර්ණ කරමින් ගෝලීය ගුවන් සන්ධානය හා (oneworldGlobalAlliance) එක්වන ලදී.
Video Story