September, 25, 2015
ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් විසින් නවතම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.
මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) අනාවරණය වන්නේ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සමාගම් සඳහා පරිපූර්ණ වූ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් මෙම ගුවන් සමාගම් දෙක ඉදිරියේදී ඒකාබද්ධ කරන බවයි.
මේ අනුව, මෙම ගුවන් සමාගම් දෙකම අදාළ ව්‍යාපාරික සැලසුම් සකස් කරමින් සිටින බව සඳහන්ය.
මේ අතර, 2015 මුල් මාස 04 තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක පාඩුවක් වාර්තා කර තිබෙන අතර එහි සමස්ත පාඩුව මේ නිසා රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2015 මුල් මාස හතර තුළදී ශ්‍රී ලංකන් රුපියල් බිලියන 39.6 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර එහි වියදම රුපියල් බිලියන 44.9 කි.
Video Story