January, 5, 2015
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා වලින් සුපිරි මෝටර් රථ කිහිපයක් රට පටවා ඇතැයි සමාජ ජාල වෙබ් අඩවි වලින් ප්‍රචාරය වන පුවත පිළිබඳව සමාගම පැහැදිලි කිරීමක් කර තිබේ.
මේ අනුව, ශ්‍රී ලංකන් පවසා තිබෙන්නේ පසුගිය වසරවල ශ්‍රී ලංකන් දෛනික ගුවන් භාණ්ඩ සේවාව යටතේ මෙවැනි ඉතා වටිනා ගුවන් භාණ්ඩ රැගෙන යාම කළත් 2014 ජූලි මාසයේ සිට ගුවන් සමාගම කිසිදු වටිනා සුඛෝපභෝගී කාර් රථයක් ගුවන් භාණ්ඩ ලෙස රැගෙන ගොස් නොමැති බවයි.