December, 23, 2015
ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන සියලු භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා අධි තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් කොළඹ වරායේ ස්ථාපනය කිරීම සඳහා පියවර ගෙන තිබේ.අදාළ ස්කෑන් යන්ත්‍රය ස්ථාපනය කෙරෙන ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සහ වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පෙරේදා (21) පෙරවරුවේ කොළඹ වරාය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ගුවන් චාරිකවක නිරත වූහ.
ශ්‍රී ලංකාවට ආනයනය කරන සියලු භාණ්ඩ නිරීක්ෂණය කිරීම සඳහා නව තාක්ෂණයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කරන බව 2016 අයවැය මගින් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව ලබන 2016 වසරේ මාර්තු 31 දින වන විට අදාළ ස්කෑන් යන්ත්‍රය කොළඹ වරාය පරිශ්‍රයේ සුදුසු ස්ථානයක ස්ථාපනය කළ යුතු ව ඇති අතර අප්‍රේල් මස (01) පළමු වැනි දින සිට සියලු බහාලුම් මෙම ස්කෑන් පරික්ෂාවට ලක් කෙරෙනු ඇත. රට තුළට ඇතුළු කෙරෙන සියලු භාණ්ඩ හඳුනා ගැනීමට මෙවැනි ක්‍රියාවලියක් අනුගමනය කිරීම වඩා පහසු කෙරේ. එමගින් නීති විරෝධී භාණ්ඩ හඳුනා ගැනීමටත්, ඒවා රට තුළට ඇතුළු වීම වැළැක්වීමටත් හැකි වනු ඇත. ලෝකයේ දියුණු සෑම රටක ම පාහේ වරාය ආශ්‍රිතව මෙවැනි අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කර තිබේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් චන්ද්‍රා ඒකනායක මෙනවිය, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සේමසිංහ මහතා, වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක් ව සිටියහ.
Video Story