ශ්‍රී ලංකාවට ඇති අනර්ඝ අවස්ථාවක් ලෝක බැංකුව අවධාරණය කරයි

    October, 11, 2024

    ජාත්‍යන්තර වෙළෙඳාම තුළින් ඉහළ සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ලෝක බැංකුවේ අර්ධ-වාර්ෂික සංවර්ධන ඇගයුම (Sri Lanka Development Update) අනාගතය සඳහා විවෘත කිරීම (Opening Up to the Future) වාර්තාව මගින් අවධාරණය කෙරේ.

    ඊයේ (10) නිකුත් කෙරුණු මෙම වාර්තාව මගින්, දළ වශයෙන් නව රැකියා 142,500ක් උත්පාදනය කළ හැකි වාර්ෂිකව ඩොලර් බිලියන 10ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අපනයන විභවයක් ශ්‍රී ලංකාව සතු බව ලෝක බැංකුව පවසයි.

    “මේ මොහොතේ, ශ්‍රී ලංකාවට සිය අපනයන විභවය සාක්ෂාත් කර ගැනීමට සැබෑ අවස්ථාවක් තිබේ. එය වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක් ලෙස අපි ඇස්තමේන්තු කරන්නෙමු. ගෝලීය වටිනාකම් දාමයන් තුළ සිය සහභාගීත්වය ගැඹුරු කිරීමටත්, රටෙහි භූගෝලීය පිහිටීම සහ රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට උපකාරවන නිරන්තරයෙන් විකාශනය වන ගෝලීය පරිසරයේ ප්‍රයෝජන ගැනීමටත් ශ්‍රී ලංකාවට විවෘත අවස්ථාවක් තිබේ. වැදගත් සහ රාජ්‍ය පාලනයට අදාළ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීඹ ශ්‍රී ලංකාවට මේ අවස්ථා පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීසට ඉඩ සලසයි“, යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් සඳහන් කළේය.