ශ්‍රී ලංකාවට එන රටවල් 67ක සංචාරකයින්ට Free Visa: යෝජනාව එන සතියේ දී කැබිනට් මණ්ඩලයට

    July, 26, 2024

    ලොව රටවල් 67ක සංචාරකයින් හට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී නොමිලේ වීසා ලබා දීම සඳහා වන යෝජනාවක් එලඹෙන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපති කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි.

    ඔහු මේ බව පවසා සිටියේ අද (26) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ

    "ඒකට අපි දැන් committee එකක් පත්කරලා තියනවා ජනාධිපතිතුමා. ‌මොකද අර්බුදයක් තිබුනනේ වීසා සම්බන්ධයෙන් සමාගමකට දීලා වුණු එකෙන්. හැබැයි අපි දැන් paper එකක් ඩිවලොප් කරලා තියනවා ඒ රටවල් 67කට free visa ලබා දෙන්න. මොකද අපේ Competitive Market ගත්තොත් ගොඩක් රටවල් තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් වල, රටවල් 80කට 90කට වගේ free visa දෙනවා. ඒක කට්ටියට දවස් 30, දවස් 30 පනින එක ප්‍රශ්නයක් නැහැ. දවස් 30 ඇතුලතනේ වැඩි හරියක් සංචාරකයෝ එන්නේ. ඒ කියන්නේ දවස් 30 වීසා එක අරගෙන. ඒක අපි free ලබා දෙන්න කියලා, දැනටමත් රටවල් 7කට free visa ලබා දෙනවා. ඒ කියන්නේ ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, තායිලන්තය වගේ රටවල් 7කට දෙනවා. අපි ඒක 67ක් suggest කරලා තියනවා. මම හිතන්නේ ඒක ඊළඟ සුමානේ කැබිනට් එකටත් proposal එකක් හැටියට යනවා. ඒක වුණොත් මම හිතන්නේ ඇත්තටම තවත් මේ නම්බර්ස් වැඩි කරගන්න පුළුවන් කියලා අපි හිතනවා."