තිරිඟු පිටි සැකසීමේදී මෙරටට ආනයනය කරනු ලබන තිරිඟු බීජවලින් 20%ක පමණ ප්‍රමාණයක් නිවුඩ්ඩ ලෙස ඉවත් කරනු ලබයි.
මෙසේ ඉවත් කරනු ලබන නිවුඩ්ඩ, තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) ලෙස චීනයට අපනයනය කිරීම මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාවක් පවතී.
ඒ සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් (Protocol) අනුගමනය කිරීමට දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලබා දී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩු රේගුවේ සමාන්‍ය පරිපාලනය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.