ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය

    December, 14, 2016

    ළමා ශ්‍රමය යොදාගැනීම මුළුමනින්ම තුරන් කර දැමීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2010 වසරේදී නෙදර්ලන්තයේ, හේග් නුවරදී පැවති ගෝලීය ළමා ශ්‍රම සමුළුවේදී එකඟ වී තිබේ.

    2008/2009 වර්ෂයට සාපේක්ෂව 2015/2016 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුළ ළමා ශ්‍රමිකයින් සංඛ්‍යාව 50% කින් පමණ අඩුවී ඇති බව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තා මඟින් පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව, ළමා ශ්‍රමය මුළුමනින්ම තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

    තවද, යුරෝපා සංගමයේ පොදු වරණාත්මක තීරුබදු වැඩපිළිවෙළ (GSP+) යටතේ තීරුබදු සහන නැවත ලංකාවට ලබාගැනීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම යටතේද ළමා ශ්‍රමය පිටුදැකීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඇති කරගැනීම අවශ්‍ය වේ.

    ඒ අනුව සකස් කරනු ලැබ ඇති, ළමයින් ශ්‍රමිකයන් වශයෙන් යොදාගැනීම ශ්‍රී ලංකාවෙන් මුළුමනින්ම තුරන් කිරීම පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය පිළිගැනීමට හා එය ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.