January, 12, 2026
‘එක්ව ගොඩනැගෙමු’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යථා තත්ත්වයට පත්වීමට සහ අනාගතයේ එවැනි ආපදා ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික වශයෙන් ප්රයත්නයක් දරමින් සිටින කොමර්ෂල් බැංකුව, මෙරට ආපදා සූදානම හා අවදානම් කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කළමනාකරණය කරනු ලබන RiskInfo අවකාශීය (භූගෝලීය) දත්ත ඩිජිටල් ද්වාරය සම්පූර්ණයෙන් ම යාවත්කාලීන කිරීම සඳහා අරමුදල් ලබා දී ඇත.
දිට්වා සුළි කුණාටුව නිසා වඩාත් නවීන, ශක්තිමත් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආපදා අවදානම් තොරතුරු පද්ධතිවල අවශ්‍යතාවය ඉස්මතු විය. ආපදා අවදානම් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික කේන්ද්‍රස්ථානය වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙර සූදානම, ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීම සහ විපතට පසු යථා තත්ත්වයට පත් කිරීම යන කාර්යයන්වල දී කේන්ද්‍රීය ව තම කාර්යභාරය ඉටු කරයි. RiskInfo අවකාශීය දත්ත ද්වාරය සහ DesInventar දත්ත සමුදාය වැනි ඩිජිටල් වේදිකා මගින් ලබා දෙන බහු-උපද්‍රව අවදානම් සිතියම්, නිරාවරණ හා අවදානම් දත්ත සහ පෙර ඇති වූ ආපදා අලාභ පිළිබඳ තොරතුරු වැනි දත්ත මගින් එම කාර්යභාරයට මනා සහයක් ලැබේ.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා මෙසේ පැවසීය: “දිට්වා සුළි කුණාටුව මගින් ශ්‍රී ලංකාවට වඩාත් සංකීර්ණ හා බොහෝ කල් පවතින ආකාරයේ දේශගුණික හා ආපදා අවදානම් වලට මුහුණ දීමට සිදුවිය හැකි බව මනාව පසක් කර දෙන ලදී. ප්රමුඛ පෙලේ මූල්‍ය ආයතනයක් ලෙස අපගේ වගකීම නම් හුදෙක් අර්බුදවලට ප්‍රතිචාර දැකිවීමෙන් නොනැවතී, ඒවාට මුහුණ දීමට අප රට සූදානම් කිරීමේ කාර්යයට උපකාර කිරීම බව අපි විශ්වාස කරමු. අප රට හුදෙක් ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රතිසාධන මට්ටමේ සිට ක්‍රියාශීලී සහ දත්ත මත පදනම් වූ නිවැරදිව ආපදා කළමනාකරණය කිරීමේ මට්ටම දක්වා ගෙනයාමේ උපායමාර්ගයක් ලෙස මෙම යාවත්කාලීන කිරීම ක්‍රියාත්මක වනු ඇත. ජීවිත යහපත් කිරීම සඳහා තාක්ෂණය භාවිතා කිරීම කෙරෙහි විශ්වාසය තබන බැංකුවක් ලෙස, RiskInfo අවකාශීය දත්ත ද්වාරය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය, දැනුම, පෙර සූදානම සහ මුලින් ක්‍රියාත්මක වීම යන අංග වෙනුවෙන් කරන ආයෝජනයක් නියෝජනය කරන බව අපගේ හැඟීමයි. මෙම වේදිකාවට ජීවිත බේරා ගැනීමට, ජීවනෝපායන් ආරක්ෂා කිරීමට සහ දිගු කාලීන ආර්ථික පාඩු අවම කිරීමට ද හැකියාව ඇත. මෙම මුලපිරීම මගින් තිරසරභාවය, සාර්ථක අවදානම් කළමනාකරණය සහ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රත්‍යස්ථිති ඉලක්ක සමඟ මූල්‍ය අංශයේ ශක්තිය ගලපා ගැනීම සඳහා අප දක්වන කැපවීම පිළිබිඹු කරයි.”
කොමර්ෂල් බැංකුවේ මෙම සන්ධිස්ථානීය සම්බන්ධතාවය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී විධිමත් ලෙස ආරම්භ කරන ලදී. එම අවස්ථාවට DMC අධ්යක්ෂ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා (ndc, IG), DMC හි අවදානම් වළක්වා ගැනීමේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ අධ්යක්ෂ අනෝජා සෙනෙවිරත්න මහත්මිය, කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා සමඟින් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් සහ බැංකුවේ තිරසාරභාවය පිළිබඳ අංශයේ සාමාජිකයින් සහභාගී විය.
ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන:- ආයතන දෙකෙහි නියෝජිතයින් ඉදිරියේ දී කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (ndc, IG) මහතාට බැංකුවේ සහයෝගය සංකේතාත්මකව ඉදිරිපත් කිරීමේ අවස්ථාව
Video Story