ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා බැලීමට චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට

    October, 31, 2025

    චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම් වල නියෝජිතයන් 10 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඊයේ (30) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ ඇත.

    ඒ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වලට දායකත්වය දැක්වීමට ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා යි.

    ඔවුන් චීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන "සේද මාවත" වැඩසටහන යටතේ මෙලෙස මෙරටට පැමිණ ඇත.

    මෙම චීන ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවේ තේ, කෘෂි, වාණිජ සහ වාරි කර්මාන්ත යන අංශ වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා එම කර්මාන්ත තුළ ආයෝජනය කිරීමට අපේක්ෂා කරයි.

    මෙම ආයෝජකයන් පිරිස පිළිගැනීම සදහා මෙරට චීන ව්‍යාපෘති සම්බධීකරණය කෙරෙන පෞද්ගලික ආයතනයක නිලධාරීන් පිරිසක් ද ගුවන් කටුනායක ජාත්‍යන්තර තොටුපොළ වෙත පැමිණ සිටියහ.