ශ්‍රී ලංකාවේ එන්නත්කරණ සේවා වැඩිදියුණු කරන්නට ජපාන රජයේ ආධාර යටතේ UNICEF සංවිධානයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ශීතකරණ පහසුකම් සහිත ට‍්‍රක් රථ

    July, 22, 2024

    ශ්රී ලංකාව පුරා ළමුන්ට එන්නත් ලබාදීමේ කරමවේදය තවත් වැඩිදියුණු කරන්නට, ජපාන රජයෙන් ලද අරමුදල්වලින්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පරසම්පාදනය කළ ශීතකරණ පහසුකම් සහිත ටරක් රථ නවයක් සෞඛ්ය අමාත්යාංශයට අද දින භාර දෙන ලදී.

    ජුලි 22 දින සෞඛ්ය අමාත්යංශ පරිශ්රයහි දී පවත්වන ලද උත්සවයක දී, ශ්රී ලංකාවේ ජපන් තානාපති, අතිගරු මිසුකොෂි හිදෙයකි මහතා සහ ශ්රී ලංකාවේ UNICEF හි වැඩබලන නියෝජිතවරිය, බෙගෝනා අරෙයනෝ විසින් මෙම ටරක් රථ, සෞඛ්ය අමාත්ය ගරු වෛද්ය රමේෂ් පතිරණ මැතිතුමා වෙත භාර දෙන ලදී.

    එම උත්සවය අමතමින් අමාත්ය ගරු වෛද්ය පතිරණ මහතා මෙසේ සඳහන් කළේය, “ශ්රී ලංකාවේ සෞඛ්ය සේවා පද්ධතියේ අතිශය වැදගත් අංගයක් වන එන්නත්කරණය තවත් ශක්තිමත් කිරීමට ජපාන රජය සහ UNICEF එක්වී ලබාදෙන මේ සහය මම සාදරයෙන් පිළිගන්නවා. මේ ශීතකරණ පහසුකම් සහිත ටරක් රථ, එන්නත් සුරක්ෂිතව සහ කලට වේලාවට පරවාහනය කරන්නට සෞඛ්ය අමාත්යාංශයට ඇති හැකියාව තවත් වැඩි දියුණු කරාවි.”

    මෙම ටරක් රථ, ජපාන රජයෙන් මෙරටට ලබාදෙන ඇ. ඩොලර් මිලියන 3ක මුළු වටිනාකමක් සහිත පරදානයක එක් කොටසක් වන අතර, 2021 සිට මේ දක්වා, සුරක්ෂිත උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තබන විශාල ශීත කාමර, එන්නත් බහාලුම්, උෂ්ණත්වය මැනීමේ උපකරණ ඇතුළු ශීත දාම උපකරණ සහ පහසුකම් ගණනාවක් මේ ප්රධානය යටතේ මේ වනවිටත්, සෞඛ්ය අමාත්යාංශය වෙත භාර දී තිබේ.

    ශ්රී ලංකාවේ ජපාන තානාපති, අතිගරු මිසුකොෂි හිදෙයකි මහතා මෙසේ අදහස් පල කළේය, “ශ්රී ලංකාවේ මහජන සෞඛ්ය ක්ෂේත්රයේ ක්රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා, ජපානයේ දීර්ඝ කාලීන කැපවීමෙහි සංකේතයක් වශයෙන් ශීතකරණ පහසුකම් සහිත ටරක් රථ නවයක් භාරදීමට ලැබීම මා ලැබූ ගෞරවයක්. එන්නත් මගින් වලක්වා ගත හැකි රෝගවලින් සෑම ප්රජාවකටම ආරක්ෂාව සැලසෙන බව සහතික කරමින්, රටපුරා එන්නත් පරවාහනය කිරීමේ පද්ධතියේ වැදගත් කොටසක් බවට මේ ටරක් රථ පත් වේවි.”

    එන්නත්, මධ්යම ගබඩාවල සිට පරාදේශීය ගබඩා පහසුකම් දක්වා සහ එතැනින් සෞඛ්ය මධ්යස්ථාන දක්වා පරවාහනය කිරීමට මෙම ටරක් රථවලින් පහසුකම් සැලසෙනු ඇත. එන්නත් බහාලුම් හා උෂ්ණත්ව මැනීමේ උපකරණ මේ වනවිටත් පරසම්පාදනය කර සෞඛ්ය වෛද්ය නිලධාරීන් සහ රෝහල් වෙත බෙදාහැර අවසාන ය.

    එන්නත්කරණය තුළින් බොහෝ ළමුන්, වැලැක්විය හැකි ලෙඩරෝගවලින් ආරක්ෂා කර දෙමින් ඔවුන්ට සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව ලබාදෙනවා. එන්නත් උෂ්ණත්වයට සංවේදී බැවින් එ්වා නිසි තත්ත්ව යටතේ පරවාහනය කළ යුතුයි. ශ්රී ලංකාවේ සෑම දෙසකම සිටින ළමුන් වෙත නිවැරදි එන්නත්, නිවැරදි වේලාවට ළඟා කරන්නට මේ ටරක් රථ අපට උදවු කරනවා. රටේ දරුවන්ගේ සෞඛ්ය වැඩිදියුණු කිරීමෙහි ලා ජපාන රජයේ දීර්ඝ කාලීන සහයත් සෞඛ්ය අමාත්යාංශයේ සහයෝගීතාවයත් UNICEF අගය කරනවා,” යනුවෙන් ශ්රී ලංකාවේ UNICEF හි වැඩබලන නියෝජිතවරිය, බෙගෝනා අරෙයනෝ සඳහන් කළාය.

    ළමයින්ගේ දීර්ඝ කාලීන සහ කෙටි කාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම කිරීම සඳහා UNICEF සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව දරන වෑයම් සඳහා ජපාන රජය වසර ගණනාවක් තිස්සේ මහඟු දායකත්වයක් ලබා දී තිබේ.