September, 21, 2016
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්රය සංවර්ධන කිරීම සඳහා සිය පූර්ණ සහය දක්වන බව ලොව ප්‍රමුඛතම කිරි නිෂ්පාදන රටක් වන නවසීලන්ත රජය පවසයි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ග්රැහැම් මෝටර්න් (Grahame Morton) මහතා පවසන්නේ මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය, දැනුම සේ ම ප්‍රතිපාදන ලබා දීමට ද සිය රට අපේක්ෂා කරන බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග පසුගියදා (19) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවක දී මහකොමසාරිස්වරයා මේ බව කියා සිටියේ ය.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී සඳහන් කළේ ලෝකයෙන් දුරස් වී සිටි, ශ්‍රී ලංකාව වත්මන් යහපාලන රජයේ ප්‍රතිපත්ති හේතුවෙන් යළි ලෝකය වෙත විවෘත වෙමින් තිබෙන බවයි. ජාත්‍යන්තරයෙන් ලැබෙන මෙවැනි සහයෝගයන් ඊට කදිම උදාහරණයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
ලබන ඔක්තෝබර් මාසයේ දී සිදු කිරීමට නියමිත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නවසීලන්න සංචාරය සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණ.