December, 1, 2025
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් රක්ෂණ සම්පාදක සහ රටේ ප්‍රමුඛතම රක්ෂණ intermediary සමාගමක් වන InsureMe, අද දින කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විය. ඒ අනුව, InsureMe රක්ෂණ අතරමැදියෙකු ලෙස ලැයිස්තුගත වූ රටේ ප්‍රථම රක්ෂණ intermediary සමාගම බවට පත් වෙමින්, ඔවුන්ගේ වර්ධන ගමන් මගේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළේය. මෙම ලැයිස්තුගත කිරීම මඟින් සමාගමේ ශක්තිමත් වෙළඳපොළ තත්ත්වය, නවෝත්පාදනවල විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳ කැපවීම මෙන්ම ශ්‍රී ලංකාව පුරා සහ ඉන් ඔබ්බට රක්ෂණ ප්‍රවේශය පුළුල් කිරීමේ එහි මෙහෙවර ද අවධාරණය කරයි.
වසර ගණනාවක් පුරා, InsureMe විසින් ප්රමුඛ පෙළේ රක්ෂණකරුවන් සමඟ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරන පද්ධතියක් ගොඩනඟා ඇති අතර, එමඟින් රක්ෂණ සොයා ගැනීම, සංසන්දනය කිරීම, මිලදී ගැනීම සහ කළමනාකරණය කිරීම පහසු කර ඇත. තවද, සමාගමේ තාක්ෂණික අංශය වන DIGIS හරහා රක්ෂණකරුවන්ට සහ ආයතනික අංශයට උසස් InsurTech විසඳුම් ලබා දෙන අතර මෑතකදී සමාගම, AJAX International - Singapore සමඟ ඇති කරගත් හවුල්කාරිත්වයක් මඟින් ජාත්‍යන්තර වෙළඳපොල වෙතද පිවිසීය.
එහි අරම්භයේ සිට අවසානය දක්වා ඩිජිටල් වේදිකා සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය ප්‍රවේශය මගින්, InsureMe ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තුළ ඩිජිටල් පරිවර්තනය සඳහා ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති අතර එමඟින් "සැමට රක්ෂණය පහසු කිරීම" යන සමාගමේ මූලික දැක්ම තවදුරටත් තහවුරු කරයි. කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත වීම මඟින් InsureMe හි ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට, එහි පාලන රාමුව වැඩි දියුණු කිරීමට, ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින් අතර විශ්වාසය ගොඩ නැගීමට මෙන්ම එහි නිෂ්පාදන සහ වෙළඳපොළ පුළුල් කිරීමේ මුලපිරීම් වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ.
InsureMe, තනි පුද්ගලයන් සහ ආයතන යන දෙපාර්ශවයම සඳහා සෘජු රක්ෂණ විසඳුම් සහ InsurTech සේවා සපයයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් ප්රතිරක්ෂණ සැලසුම්කරුවෙකු ලෙස ක්‍රියාත්මක වීමට බලපත්‍ර ලබා දී ඇති රක්ෂණ අතරමැදි ආයතන කිහිපය අතර සිටියි. එමෙන්ම දේශීයව සහ ජාත්‍යන්තරව රක්ෂණ කර්මාන්තයේ අවුරුදු 150කට වැඩි ඒකාබද්ධ අත්දැකීම් සහිත, සමාගමේ ශක්තිමත් තාක්ෂණික දැනුම පෙන්වයි.
InsureMe සභාපති ප්රජීත් බාලසුබ්රමනියම් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ අදහස් දැක්වීය. "අද දිනය InsureMe සඳහා වගේම දීප්තිමත් අනාගතයක් ගැන සිහින දකින අපේ රටේ නව නිපැයුම්කරුවන් සඳහාද විශේෂ දිනයක්. මේ දිනය අවුරුදු 10 කට වඩා අඩු ආරම්භක සමාගමක දැක්ම, ඔරොත්තු දීමේ හැකියාව වගේම නොනවතින වර්ධනය සැමරීමක් ලෙස සලකන්නට පුළුවන්. මේ අවස්ථාව යථාර්තයක් කළ නායකත්වයට , කැපවූ හැම සේවකයෙකුටම සහ අනෙක් පාර්ශව වෙත අපගේ ස්තූතිය පළ කරන්නටත් කැමතියි. අපගේ නව ආයෝජකයන්ගේ විශ්වාසය, අපගේ අනාගත ගමනට ශක්තියක් වනු ඇති බවට විශ්වාස කරනවා. "
InsureMe හි සම නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ධර්මපාල මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය." කොළඹ කොටස් වෙළඳපොලේ සමාගම ලැයිස්තුගත කිරීම InsureMe සහ ශ්‍රී ලංකාවේ පුළුල් InsurTech ජාලය සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය අපගේ මූල්‍ය හා මෙහෙයුම් වර්ධනය පමණක් නොව, රක්ෂණ කර්මාන්තය වෙත ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැඟිය හැකි බවට අපගේ විශ්වාසය ද පිළිබිඹු කරනවා. මෙම පියවර මඟින් 'රක්ෂණය සැමට පහසු කිරීම' කියන අපේ දැක්ම ආයෝජකයින් සහ අනෙකුත් සියළුම පාර්ශ්වකරුවන් වෙත ගෙන ඒමට අපට ඉඩ සලසනවා.”
InsureMe කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වීම මඟින් එය ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිසෙන ස්වදේශික, ඩිජිටල්කරණය වූ ප්‍රමුඛතම දේශීය සමාගම් කිහිපයෙන් එකක් බවට පත් වේ. මෙම සන්ධිස්ථානය සමාගමේ තාක්ෂණික නායකත්වය සහ විශ්වසනීයත්වය අවධාරණය කරන අතර, රටේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තාක්ෂණික සහ ඩිජිටල් සේවා අංශය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය ද තහවුරු කරයි.
Video Story