ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25 තුළ කාන්තා ව්‍යවසායිකාවන් හඳුනාගැනීම

    March, 19, 2021

    කාන්තා ව්‍යවසායිකාවන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් සපයන අතර ඔවුන් තම ප්‍රජාවන් තුළ ජීවනෝපාය නැංවීම සඳහා කරන කාර්යභාරය ද ඉතා වැදගත්ය. එම වැදගත්කම කෝවිඩ්-19 වසංගතය අතරතුර විශේෂයෙන් වැඩි විය. කාන්තා මාසය සැමරීම වෙනුවෙන් කාන්තා කටයුතු හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා කාර්යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය එක්ව, මෙරට දිස්ත්‍රික්ක 25හි කාන්තා ව්‍යවසායිකාවන් හා කාන්තා සංවර්ධන නිලධාරිනියන් විසින් කරනු ලබන කාර්යභාරය ඇගයීමේ නිල උත්සවයක් සංවිධානය කර තිබේ.

    ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබලගැන්වීම සම්බන්ධ ප්‍රගතිය වේගවත් කිරීමේ පුළුල් මූලෝපායේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය, රාජ්‍ය අමාත්‍යාංශය හා ජපාන රජය සමග එක්ව කාන්තාව, සාමය හා ආරක්ෂාව සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කරනු ලැබේ. ඒ අතරතුර, අර්බුද කාල තුළදී තම ව්‍යාපාර ස්ථායී කරගැනීම සඳහා හැකියාවන් ගොඩනැගීම හා පුහුණු කිරීම මගින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබලගැන්වීම කෝවිඩ්-19 ප්‍රතිචාර හා යථා තත්වයට පත්වීම සම්බන්ධ කටයුතුවල ප්‍රධාන කාර්යය වේ.

    රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, රාජ්‍ය ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එන්.එච්.එම්.ඩබ්.ඩබ්. නිල්මිණි හේරත් මිය, කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ චම්පා උපසේන මිය, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ උපදේශක අකිරා හොකමුරා මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකයේ ව්‍යාපෘති නිලධාරිනියන් වන ප්‍රදීපා කුලසේකර මිය හා අවන්ති කලන්සූරිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.