ශ්‍රී ලංකාවේ නව ADB අධ්‍යක්ෂවරිය වැඩ භාර ගනී

    February, 9, 2026

    ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකාවේ නව දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් පත් කර ඇත. ඇය අද කොළඹදී සිය ධූරයේ වැඩ භාර ගත්තාය.

    ආසියානු සංවර්ධන බැංකුව හා සම්බන්ධ වීමට පෙර, කව්ලින් මහත්මිය ඇමරිකා එක්සත් ජනපදයේ National Renewable Energy Laboratory හි කළමනාකාරිනියක ලෙස කටයුතු කළ අතර එහිදී ඇය ඇමරිකා එක්සත් ජනපද - ඉන්දියා සහ දකුණු ආසියානු කලාපීය බලශක්ති සහයෝගීතා ප්‍රයත්නයන්ට නායකත්වය දී ඇත. ඇමරිකානු ජාතිකයෙකු වන ඇය Berkeley හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් පාරිසරික සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇත.