ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන “VOYAGE SRI LANKA 2025” සමුද්‍රීය සමුළුව කොළඹ දී

    September, 24, 2025

    ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභාවතාවයන් අනාවරණය කෙරෙන "VOYAGE SRI LANKA 2025" සමුද්‍රීය සමුළුව නීල ආර්ථික (BLUE ECONOMY) ක්ෂේත්‍රයේ ගෝලීය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින් හා වෘත්තියවේදීන් ගේ සහභාගිත්වයෙන් යුතුව ලබන මස (ඔක්තෝබර්) 16 වන දින කොළඹ කින්ග්ස්බරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ (Blue Economy) අනාගතය හැඩගස්වන නව්‍ය විසදුම් හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම පිලිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරෙනු ඇත. මෙවර ''වෝයේජ් ශ්‍රී ලංකා 2025 (Voyage Sri Lanka 2025)" සමුළුව ජ්‍යත්තන්තර සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා සහ සමුද්‍රීය සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ උපායමාර්ගික තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සඳහාත්, සමුද්‍රීය හා අක්වෙරළ අංශයේ ත්, බෝට්ටු තැනීම් කර්මාන්තයේත් ශ්‍රී ලාංකික භූමිකාව ශක්තිමත් කිරීම හා නීල ආර්ථිකයේ (Blue Economy) සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා ත් මෙම සමුළුව වැදගත් වේදිකාවක් ලෙස කටයුතු කරනු ලබන අතර ඉහල මට්ටමේ සාකච්ජා වටයන් දේශන හා ජාලකරණ සැසිවාරයන්ගෙන් ද සමන්විත වේ.

    ඉහත ප්‍රතිපත්ති සංවාදයන් ට අමතරව, ප්‍රධාන ජාත්‍යන්තර නැව් මාර්ගවල කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව  පිහිටීමේ  භූගෝලීය වාසිය මෙම සමුළුව මගින් ඉස්මතු කරනු ලබන අතර එහිදී සමුද්‍රීය සහ අක්වෙරළ සේවා, බෝට්ටු තැනීම, නාවික සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් නැගී එන සමුද්‍රීය අංශයන්හි  විශේෂඥතාවයන් ද ප්‍රදර්ශනය කරනු ඇත. විශේෂයෙන්ම, දකුණු ආසියාවේ සමුද්‍රීය කර්මාන්ත ආයෝජන සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරමින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත නායකයින් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ආයෝජකයින්ට සුවිශේෂී වේදිකාවක් මෙම සමුළුව විසින් සපයනු ඇත.

    ඔබත් ප්‍රතිපත්ති සම්පාදකයෙකු, ආයෝජකයෙකු, ව්‍යවසායකයෙකු හෝ අදාළ ක්ෂේත්‍රවල නියැලී සිටින කර්මාන්ත වෘත්තිකයෙකු නම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමුද්‍ර සමුළුවට සහභාගී වීමට මෙය ඔබට අනගි අවස්ථාවක් වනු ඇත. අදම www.voyagesrilanka.lk හි ලියාපදිංචි වී ඉහල මට්ටමේ සාකච්චා වටයන්, ජාලකරණ අවස්ථා සහ ආයෝජන අවස්ථාවන් සඳහා ප්‍රවේශය ලබා ගත හැක.

    අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අද දින (24) ප්‍රධාන කාර්යාලයේදී මෙම සමුළුව පිළිබද දැනුවත් කිරීම සදහා මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර ඒ සදහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා, GAC Group of Sri Lanka හි කණ්ඩායම් අධ්‍යක්ෂ රිකී බාර්නට් මහතා, සමුද්‍රීය කර්මාන්ත මණ්ඩලයේ සභාපති කෞශල් රාජපක්ෂ මහතා, ශ්‍රි ලංකා වරාය අධිකාරියෙ හි ප්‍රධානී කපිතාන් නිර්මල් සිල්වා මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයෙහි වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - (සංවර්ධන) කුමුදිනී මුදලිගේ මහත්මිය , අපනයන සේවා අංශයේ අධ්‍යක්ෂ ඉදුමිණී කොඩිකාර මහත්මිය සහ අනෙකුත් නිලධාරීන් සහ මාධ්‍ය නියෝජිතයින් සහභාගී වූහ.

    VOYAGE SRI LANKA 2025 සදහා අනුග්‍රාහකයින්:

    • නිල ඉන්ධන සැපයුම් සහකරු - ලංකා මැරීන් සර්විසස්
    • නිල බැංකු සහකරු - සෙලාන් බැංකුව
    • Silver අනුග්‍රාහකයින් - ලංකා IOC, හේලීස් ඇඩ්වාන්ටිස්, ශ්‍රී ලංකා සමුද්‍රීය වාණිජ මණ්ඩලය (CMISL)
    • Bronze අනුග්‍රාහක - ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය