ශ්‍රී ලංකාවේ පළමු වරට Daraz.lk වෙතින් Black Friday

    November, 17, 2016

    පුරා මාසයක කාලයක් තිස්සේ පාරිභෝගික භාණ්ඩ රැසක් සඳහා විස්මිත මිල අඩුකිරීම් ඉදිරිපත් කරන වසරේ දැවැන්තම සේල් වැඩසටහන “Black Friday” නමින් පසුගියදා Daraz.lk වෙබ් අඩවිය විසින් හඳුන්වාදෙන ලදී. පසුගිය නොවැම්බර් මස 16 වැනිදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිභෝගික ප‍්‍රජාව වෙත හඳුන්වා දුන් “Black Friday” ප‍්‍රවර්ධන වැඩසටහන Daraz ජාත්‍යන්තර වෙබ් අඩවි ජාලය විසින් වාර්ෂිකව ලොව පුරා රටවල් රැුසක සංවිධානය කරනු ලබන දැවැන්ත අන්තර්ජාල සේල් වැඩසටහනකි.

    “Black Friday” යනු ඇමරිකානු කිතුණුවන් විසින් තුති පිදීමේ දිනය (Thanksgiving Day) ලෙස සාම්ප‍්‍රදායිකව සමරන දිනයට පසු දිනයයි. නත්තල් වෙළෙඳ සැණකෙළි සමයේ ඇරඹුම සනිටුහන් කෙරෙන දිනය ලෙස ප‍්‍රකට Black Friday දිනයේ සිට දෙසැම්බර් උත්සව සමය වෙනුවෙන් ආකර්ෂර්‍ණය වට්ටම් පිරිනමමින් ලොව පුරා වෙළෙඳ ආයතන රැසක් සිය අලෙවි ප‍්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීම දැකගත හැකිය. කැනඩාව, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දියාව, ප‍්‍රංශය, ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය, දකුණු අප‍්‍රිකාව, අයර්ලන්තය, ඩෙන්මාර්ක්, ලෙබනන් හා නයිජීරියාව ඇතුළු ලොව පුරා රටවල් රැුසක පාරිභෝගික ජනතාව බලාපොරොත්තු සහගතව ප‍්‍රීතියෙන් සාප්පු සවාරියේ යෙදෙන අතරේ, ශ්‍රී ලංකා පාරිභෝගිකයින්ද මෙම වසරේ සිට Black Friday නත්තල් වෙළෙඳ සැණකෙළි අසිරිය Daraz.lk නිසා අන්තර්ජාලයේ සිටම අත්විඳීමේ අවස්ථාව හිමිකරගෙන සිටියි.

    උසස් තත්ත්වයේ පාරිභෝගික භාණ්ඩ රැසක් සඳහා Daraz.lk විසින් 70% දක්වා සුවිශේෂී වට්ටම් පිරිනමයි. නවීන විලාසිතාවන්ගෙන් යුතු ඇඟළුම්, සෞඛ්‍ය හා රූපලාවණ්‍ය භාණ්ඩ, ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ විදුලි උපකරණ යනාදී භාණ්ඩ රැසක් United Colors of Benetton, Timberland, Huawei, Canon, Acer, Skullcandy, Apple, Samsung, Asus වැනි ලොව සුපතල ප‍්‍රමුඛ පෙළ වෙළෙඳ නාමයන්ගෙන් ලබා ගැනීමේ හැකියාව Daraz.lk පාරිභෝගිකයන් වෙත උදාකර දෙයි. නොවැම්බර් මස 25 දා සිට 28 වනදා දක්වා සිව් දින කාලයේදී Daraz.lk වෙතින් මෙම සුවිශේෂී වට්ටම් හිමිකරගත හැකිය. මේ වසරේ සිට සෑම වසරකදීම නොවැම්බර් මාසයේ 4 වැනි සිකුරාදා දිනය ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත මෙලෙස සුවිශේෂී වට්ටම් පිරිනැමීමේ දිනය ලෙස සංවිධානය කිරීමට Daraz.lk අපේක්ෂා කරයි.

    Daraz.lk හි ශ්‍රී ලංකා කළමනාකාර සෝරබ් චෞහාන් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්, “අප බොහොමත්ම සතුටට පත්ව සිටිනවා ජාත්‍යන්තර Black Friday වෙළෙඳ සැණකෙළි අත්දැකීම ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත සමීප කරන්නට හැකිවීම සම්බන්ධයෙන්. ලංකාවේ අඩුම මිල ගණන් සමග 70‍්‍% දක්වා ආකර්ෂර්‍ණය වට්ටම් රැසක් Daraz.lk වෙතින් ලබාගන්න පුළුවන්. Black Friday ප‍්‍රවර්ධන කාලයේදී iPhone 7 රු. 98,999 විශේෂ මිලකට ලබා ගන්න පුළුවන්. Daraz.lk සමග එක්වූ Hutch පාරිභෝගිකයන්ට අලූත්ම අත්දැකීමක් ලබාදෙන්නට platinum අනුග‍්‍රාහකත්වය ලබාදෙමින් එක්ව සිටීම ගැනත් අප බෙහෙවින් සතුටු වෙනවා. මා පාරිභෝගිකයන්ට ආරාධනා කර සිටිනවා Black Friday ප‍්‍රවර්ධන වැඩසටහනට Daraz.lk සමග එකතු වෙන්න.”

    ශ්‍රී ලාංකිකයන් වෙත සමීප වන නවතම අන්තර්ජාල මිලදී ගැනීම් වෙබ් අඩවිය වන Daraz.lk උසස් තත්ත්වයේ පාරිභෝගික භාණ්ඩ රැුසක් ආකර්ෂර්‍ණය මිල ගණන් හා වට්ටම් සමග හඳුන්වා දෙනු ලබන්නේ මිලදී ගත් භාණ්ඩය යම් පාරිභෝගික අවශ්‍යතාවක් ඇතොත් නැවත ආපසු භාර දීම හෝ හුවමාරු කිරීම සඳහා වන නම්‍යශීලී ක‍්‍රමවේදයක්ද සමගිනි. පාරිභෝගික කේන්ද්‍රීය අන්තර්ජාලගත මිලදී ගැනීම් අවස්ථා උදා කරදෙමින් පකිස්ථානය, බංගලාදේශය හා මියන්මාරය යන රටවල්වල පාරිභෝගික විශ්වාසය දිනා සිටින Daraz ආයතනය, Daraz.lk සමග ශ්‍රී ලංකාව වෙත සමීප වන්නේ පරිපූර්ණ වූ අන්තර්ජාලගත සාප්පු සවාරියක තෘප්තිමත්භාවය මෙරට පාරිභෝගික ජනතාව වෙත හිමිකරදෙමිනි.