July, 18, 2024
ශ්‍රී ලාංකීය සිනමාලෝලීන් හට නවමු අත්දැකීමක් එක්කරමින් මෙරට ප්‍රථම IMAX®️ සිනමා ශාලාව Scope Cinemas විසින් එළඹෙන සතියේ දී විවෘත වන බව නිවේදනය කර සිටී. 2024 ජූලි 24 දින මෙම සිනමා ශාලාව විවෘත කිරීමට නියමිතය.
කොළඹ Havelock City Mall හි විවෘත වන මෙම සුපිරි IMAX®️ සිනමාහල ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයින් හට විප්ලවීය වෙනසක් අත්විඳීමට අවකාශ උදා කරලනු නිසැකය.
ශ්‍රී ලංකාවේ පළමු IMAX®️ සිනමා ශාලාව ද සමඟින් Havelock City Mall හි සිනමා සංකීර්ණය සිනමා ශාලා 6 කින් සමන්විත වන අතර ඒවායේ සමස්ත ධාරිතාව ආසන 1,200 කි.
