ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රචාරක ආයතනය ඉන්දීය සමාගමක් යටතට

    March, 30, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ප්‍රචාරක ආයතනයක් වන Grant Group හි හිමිකාරීත්වය ඉන්දියාවේ Dentsu Aegis Network විසින් අත්පත් කර ගෙන තිබේ.

    මෙරට වෙළෙඳ ප්‍රචාරණ කර්මාන්තයේ පුරෝගාමියා වන රෙජී කන්දප්පා මහතා විසින් 1958 වසරේ දී ආරම්භ කරන ලද Grant Group ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රචාරක ඒජන්සිය ද වේ. වෙළෙඳ දැන්වීම්කරණය, මහජන සම්බන්ධතා, අලෙවිකරණ, ඩිජිටල් මධ්‍ය ආදී අංශ ගණනාවක් වෙත එහි කටයුතු පුළුල් වී ඇත.

    මෙම ව්‍යාපාරික අත්පත් කර ගැනීමෙන් පසු Grant Group, Dentsu Aegis Network Grant Group ලෙසින් නාමකරණය වන අතර එහි සභාපතිනිය හා කළමනාකාර අධ්‍යක්ෂවරිය වන නීලා මරික්කාර් තවදුරටත් අදාළ ධූර දරනු ඇත.

    Dentsu Aegis Network South Asia හි සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වන Ashish Bhasin මෙම ව්‍යාපාරික ජාලයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කරනු ඇත.

    ඡායාරූපය - නීලා මරික්කාර් සහ අශීෂ් භාසින්