April, 3, 2026
ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2026 ශ්‍රී ලංකා වාස්තු නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ (SLIA) වාර්ෂික සැසියේදී පිරිනමන නිෂ්පාදන කුසලතා සම්මානය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මානය 'දේශීය හා ආනයනික ද්‍රව්‍ය සහ උපකරණ භාවිත කරමින් දේශීයව නිපදවූ නිෂ්පාදන හා ද්‍රව්‍ය' කාණ්ඩය යටතේ ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිපදවූ ක්ලීන් රූම් දොර සඳහා පිරිනැමිණි. මෙම සම්මානය ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිෂ්පාදනවල ගුණාත්මකභාවය, තාක්ෂණික නිරවද්‍යතාව සහ ශ්‍රී ලංකාවේ වාස්තු හා ගොඩනැගිලි ක්ෂේත්‍රයට ඔවුන් දක්වා ඇති දායකත්වය පිළිබඳ සාක්ෂියකි.
SLIA විසින් පිරිනමනු ලබන මෙම සම්මාන මගින් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නවෝත්පාදන හා විශිෂ්ටත්වය අගය කරනු ලබයි. මෙම සම්මානය ලැබීමෙන් කාර්යසාධනය, නිර්මාණශීලිත්වය, ප්‍රමිතිය යන අංශවලින් ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් ඉදි කිරීම් කේෂ්ත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක සිටින බව තහවුරු වේ. ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් නිපදවූ ක්ලින් රූම් දොර සෞඛ්‍ය හා වෙනත් ක්ෂේත්‍රවලට අයත් විද්‍යාගාර, ඉන්ඩස්ට්‍රියල් ක්ලීන් රූම් ආදිය සඳහා කල් පැවැත්ම, පිරිසිදුභාවය සහ කාර්යක්ෂමතාව තහවුරු වන ලෙස කර්මාන්ත අවශ්‍යතා සපුරමින් නිර්මාණය කර ඇත. මෙම ක්ලීන් රූම් දොර නිපදවීමේදී දේශීය ද්‍රව්‍ය සහ ආනයනික ද්‍රව්‍ය සමඟ උසස් තාක්ෂණය ඒකාබද්ධ කරමින් සමාගමේ නිර්මාණ හැකියාව ඉහළින්ම ප්‍රදර්ශනය කර ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා පැවැසුවේ සමාගම දේශීය ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වන අතර ජාත්‍යන්තර ප්‍රමිති පවත්වා ගැනීම කෙරෙහි සුවිශාල අවධානයක් යොමු කරන බවයි.
Video Story