ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය EDOTCO ආයතනයට

    September, 3, 2025

    EDOTCO ආයතනයට ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය ලබා දෙමින් රට පුරා ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම සඳහා විදුලි සංදේශ යටිතල පහසුකම් බෙදා ගැනීම සඳහා ප්‍රධාන පියවරක් තබයි

    ශ්‍රී ලංකාවේ සියලු දෙනා ඇතුළත් ඩිජිටල් සම්බන්ධතාවයක් කරා යන ගමන වේගවත් කිරීමේ සන්ධිස්ථානයක් ලෙස, විදුලි සංදේශ අංශයේ යටිතල පහසුකම් බෙදා ගැනීමේ නව පියවරක් සනිටුහන් කරමින් ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ විදුලි සංදේශ යටිතල පහසුකම් සමාගමක් වන EDOTCO සමූහය, එහි අනුබද්ධිත සමාගමක් වන EDOTCO Services Lanka (Private) Limited ආයතනයට ශ්‍රී ලංකාවේ පළමු විදුලි සංදේශ යටිතල පහසුකම් සේවා බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් නිල වශයෙන් ප්‍රදානය කර ඇති බව ඊයේ (2) දින නිවේදනය කළේය.

    සම්බන්ධතා ව්‍යාප්තිය වේගවත් කිරීම, යටිතල පහසුකම් බෙදාගැනීම වැඩිදියුණු කිරීම සහ රට පුරා සියලු දෙනා ආවරණය වන ලෙස ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම සඳහා රජය ස්වාධීන, මධ්‍යස්ථ- කුළුණු සමාගම් හි සහාය ලබා ගැනීමත් සමඟ එය ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අංශයේ ඓතිහාසික වෙනසක් සනිටුහන් කරනු ඇත. එය (සංශෝධිත) 17 B වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත අනුකූලවන අතර පළමු වරට යටිතල පහසුකම් සපයන්නන් සඳහා සුවිශේෂී බලපත්‍ර රාමුවක් හඳුන්වා දීම මෙහිදී සිදු වේ. එමෙන්ම මෙහිදී රටේ ඩිජිටල් පද්ධතියේ ස්වාධීන මධ්‍යස්ථ- කුළුණු සමාගම් හි කාර්යභාරය විධිමත් ලෙස හඳුනා ගැනීම ද සිදු වේ.

    බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදී කතා කරමින් ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අවධාරණය කළේ, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල පුරවැසියන්ට පවා රජයේ සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිවන ලෙස, ඔවුන්ගේ දෛනික ජීවිතයට ඩිජිටල් විසඳුම් ඒකාබද්ධ කිරීම සහතික කිරීම සඳහා සම්බන්ධතාවය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බවයි.

    “අද දින විදුලි සංදේශ යටිතල පහසුකම් වෙන් කිරීමේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විශේෂිත යටිතල පහසුකම් සේවා සපයන්නන් බලපත්‍ර සමඟ බලගැන්වීමෙන්, නිසි ජාල ආවරණය, සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම සහ අඩු සේවා සහ සේවා නොලබන ප්‍රදේශවලට සේවා සැපයීම සඳහා ක්‍රියාකරුවන්ට ප්‍රවේශ බාධක අඩු කරන ආකෘතික් අපට මේ ඔස්සේ සහතික කළ හැකිය,” යනුව් අමාත්‍යවරයා පැවසීය.

    මෙම මුලපිරීම යටිතල පහසුකම් අනුපිටපත් වීම අවම කිරීම, එක් එක් ක්‍රියාකරුට වෙනම කුළුණු තැනීමේ අවශ්‍යතාවය අඩු කිරීම අරමුණු කරයි. මෙය මූල්‍ය හා භූගෝලීය සම්පත් කළමණාකරනය කිරීම පමණක් නොව පාරිසරික තිරසාරභාවට ද හේතුවේ. බෙදාගත් යටිතල පහසුකම් කුළුණු ඉදිකිරීමේ ආයෝජන බහු ක්‍රියාකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කරන අතර එමඟින් පාරිභෝගිකයින් සඳහා සම්බන්ධතාවයේ පිරිවැය අඩු වේ.

    තවද, මෙම පියවර මගින් විදුලි සංදේශ ක්‍රියාකරුවන්ට අධික යටිතල පහසුකම් වියදම් වලින් සේවා නවෝත්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ සැලසෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. “අපගේ ක්‍රියාකරුවන්ට රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම කුළුණු ඉදිකිරීම සඳහා අමතර මූල්‍ය බරක් දැරිය යිතු නොවේ. ඒ වෙනුවට, ඔවුන්ට දැන් ජනතාවට නව, දියුණු ඩිජිටල් සේවා ගෙන ඒම, වඩා හොඳ වටිනාකමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් මහතා පෙන්වා දුන්නේ; "මෙය පරිවර්තනීය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණයක් වන අතර එය සියලු දෙනා ඇතුළත් ඩිජිටල් ප්‍රවේශය සඳහා අපගේ ජාතික උත්සාහය පෙන්වා දෙන්නකි. ස්වාධීන යටිතල පහසුකම් සපයන්නන්ට බලපත්‍ර ලබා දීම මඟින් යටිතල පහසුකම් බෙදා ගැනීම දිරිමත් කිරීම සහ ආයෝජන උත්ප්‍රේරණය සිදු වන අතර විශේෂයෙන් අඩු පහසුකම් සහිත සහ ග්‍රාමීය ප්‍රදේශ වල වේගවත් සංවර්ධනයක් සඳහා උපකාරී වනු ඇත”යනුවෙනි.

    එසේම EDOTCO ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂ ගයාන් කෝරලගේ මහතා පෙන්වා දුන්නේ; “ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලබාගත් පළමු සමාගම බවට පත්වීම අපට ගෞරවයක්. මෙය EDOTCO හි හැකියාවන් සමඟින් රටේ සම්බන්ධතා ඉදිරියට ගෙන යාම සඳහා අපගේ වන කැපවීම පිළිබඳ විශ්වාසය පළ කිරීමක්. බලපත්‍රලාභී සැපයුම්කරුවෙකු ලෙස, EDOTCO ආයතනය ජංගම දුරකථන ක්‍රියාකරුවන්ට සහ රජයේ කොටස්කරුවන්ට උසස් තත්ත්වයේ, ඔරොත්තු දෙන යටිතල පහසුකම් ලබා දීම සඳහා විශ්වාසදායක වේදිකාවක් ලෙස සේවය කරන අතර කිසිවෙක් ඩිජිටල් පරිවර්තනයේ දී අතනොහැරෙන බවට සහතික වන්නෙමු. 2028 වන විට ශ්‍රී ලංකාවේ 5G අපේක්ෂාව සහ දත්ත භාවිතය සිව් ගුණයකින් වැඩි කිරීමට නියමිතව ඇති අතර මෙම යටිතල පහසුකම් පරතරය පියවීමට රටට අමතර කුළුණු 7,000 කට වඩා අවශ්‍ය යි” යනුවෙනි.

    මෙම බලපත්‍ර යෝජනා ක්‍රමය, ශ්‍රී ලංකාවේ ක්‍රියාකරුවන්ට සහ සේවා සපයන්නන්ට අවස්ථා නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර, පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සේවාවන් ලැබෙන බව සහතික කිරීම සඳහා ලබාගත්තා වූ සාර්ථ්ක පියවරකි. එමෙනම නුදුරු අනාගතයේ දී තවත් බලපත්‍ර නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර එය රටේ ඩිජිටල් පදනම තවදුරටත් ශක්තිමත් කරනු ඇත.