January, 28, 2026
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රය වඩාත් තිරසාර සහ නවීන තාක්ෂණය කරා යොමු කරවන නව යුගයක ආරම්භය සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් විසින් ඔමෝඩා සහ ජේකූ OJ (OMODA & JAECOO) රථ වාහන 2026 ජනවාරි මස 27 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී නිල වශයෙන් මෙරටට හඳුන්වා දෙන ලදී.
මෙම සන්නාමයේ ශ්‍රී ලංකාවේ එකම බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන හේලීස් මොබිලිටි, පරිසර හිතකාමී හා නවීන තාක්ෂණයෙන් යුතු රථ වාහන අත්දැකීමක් අපේක්ෂා කරන නාගරික වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයන් සහ ආයතනික පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම රථ වාහන ශ්‍රී ලාංකීය වෙළඳපොළට හඳුන්වා දී ඇත.
නව ඔමෝඩා සහ ජේකූ (OMODA & JAECOO) මාදිලි නිෂ්පාදනය කරනු ලබන්නේ, 2025 වසරේ Fortune Global 500 ශ්‍රේණිගත කිරීම් වල 233 වන ස්ථානයට පත් වූ, Chery සමාගම විසිනි. චීනයේ අංක 1 මෝටර් රථ අපනයනකරු ලෙස වසර 23 ක් කටයුතු කර ඇති Chery සමූහය, ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් ලබා ඇති වේගයෙන් වර්ධනය වන මෝටර් රථ සන්නාමයකි.
මෙම හවුල්කාරීත්වය හරහා, නිෂ්පාදකයාගේ සම්පූර්ණ සහාය සහිත වගකීම, රටපුරා විහිදී ඇති අලෙවියෙන් පසු සේවා ජාලය සහ ශ්‍රී ලංකාවේ වසර 148ක විශ්වාසනීය උරුමයක් ඇති හේලීස් සමූහ ව්‍යාපාරයේ (Hayleys PLC) විශ්වාසය පාරිභෝගිකයින්ට හිමිවේ.
මෙසේ හඳුන්වා දෙන OJ රථ වාහන මාදිලීන් එකතුවට, ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් (PHEV), හයිබ්‍රිඩ් විදුලි වාහන (HEV) සහ උසස් අභ්‍යන්තර දහන එන්ජින් (ICE) තාක්ෂණයෙන් සන්නද්ධ මාදිලි ඇතුළත් වේ. මෙම එකතුව තුළ ජේකූ (JAECOO) වෙළඳ නාමය යටතේ J7 PHEV, J6, J5 සහ එහි ප්‍රමුඛතම (Flagship) මාදිලිය වන J8 ඇතුළත් වේ. මෙම සියලු වාහන, ඕනෑම මාර්ගයක ධාවනය කළ හැකි ශක්තිමත් හැකියාව, ඉහළම සැප පහසුකම් සහ සුඛෝපභෝගී අභ්‍යන්තර නිමාව සමඟ නිපදවා ඇත.
එසේම, ඔමෝඩා (OMODA) වෙළඳ නාමය යටතේ C9 PHEV, C5 සහ සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන E5 වැනි රථ වාහන වර්ග ඇතුළත් වේ. මෙම මෝටර් රථ, අනාගත තාක්ෂණය, නවීන පහසුකම් සහ අලුත් රියදුරු අත්දැකීමක් අපේක්ෂා කරන රියදුරන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය:
“එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, මැද පෙරදිග, යුරෝපය සහ දකුණු ඇමරිකාව වැනි දියුණු වෙළෙඳපොළවල් පිළිගත්, ලෝක මට්ටමේ උසස් ප්‍රමිතියෙන් යුතු රථ වාහන අප මෙසේ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් සිටිනවා. පරිසර හිතකාමී සහ නවීන ප්‍රවාහන විසඳුම් ලබා දීමට අපට ඇති හැකියාව, OJ සන්නාමයන් හරහා තවදුරටත් ශක්තිමත් වෙනවා.”
එසේම හේලීස් මොබිලිටි හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවාය:
“මෙම වාහන වෙළඳපොළට හඳුන්වා දීමට පෙර, ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් පසුබිම සකස් කිරීමට අප විශාල අවධානයක් යොමු කළා. පුහුණු තාක්ෂණික කණ්ඩායම් සහ අලෙවියෙන් පසු අවශ්‍ය සියලු සේවා හා පහසුකම් ලබා දීමට අප සූදානම්. ඒ නිසා වාහනයක් විකිණීමෙන් පසුවත්, අපගේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව විශ්වාසනීය සහ උසස් සේවාවක් ලබා දීමට අපට හැකි බව අපට විශ්වාසයි.”
හේලීස් මොබිලිටි හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ප්‍රනාන්දු මහතා ද මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය:
“නවීන තාක්ෂණය භාවිතා කරන විට, ඒ පිළිබඳ පාරිභෝගිකයාට විශ්වාසයක් තිබීම අතිශය වැදගත්. ඒ නිසාම නිෂ්පාදකයාගේ පූර්ණ වගකීම, නිෂ්පාදිත රටෙන්ම ගෙන්වූ විශ්වාසනීය අමතර කොටස් සහ 0112 222 222 ක්ෂණික ඇමතුම් අංකය හරහා ඕනෑම වේලාවක ලබාගත හැකි සහාය පිළිබඳව අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එමඟින් අපගේ පාරිභෝගිකයින්ට කිසිදු බියක් හෝ සැකයකින් තොරව ඉතා විශ්වාසයෙන් යුතුව මෙම රථ වාහන පරිහරණය කිරීමට හැකියාව ලැබෙනවා.”
හේලීස් මොබිලිටි ආයතනය සිය මගී රථ වාහන එකතුවට අමතරව, SRM (Shineray Motors) සමඟ එක්ව ශ්‍රී ලංකාවට නව වාණිජ විදුලි වාහන පෙළක්ද හඳුන්වා දී ඇත. මෙයට SRM T3 EV සැහැල්ලු ලොරි රථය, SRM X30L EV මගී වෑන් රථය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශේෂිත වූ SRM X30L EV Cargo වෑන් රථය ඇතුළත් වේ. මෙමඟින් ව්‍යාපාරික කටයුතු සඳහා වඩාත් ලාභදායී සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් රැසක් පාරිභෝගිකයාට හිමිවේ.
එසේම විද්‍යුත් වාහන (EV) භාවිතා කරන්නන් වෙනුවෙන් ලොව පුරා ආරෝපණ යන්ත්‍ර මිලියන දෙකකට වඩා ස්ථාපනය කර ඇති StarCharge ආයතනය සමඟ එක්ව, නිවසේදී භාවිතා කළ හැකි කුඩා ආරෝපණ යන්ත්‍රවල සිට මහා පරිමාණ ආරෝපණ මධ්‍යස්ථාන දක්වා වූ පුළුල් ආරෝපණ විසඳුම් රැසක් හේලීස් මොබිලිටි විසින් පිරිනමනු ලබයි. මෙම සහයෝගීතාවය හරහා දිවයින පුරා විහිදුණු ආරෝපණ පද්ධතියක් ගොඩනැගෙන අතර, එමඟින් විදුලි වාහන හිමියන්ට තම වාහනයේ බැටරි ආරෝපණය පිළිබඳ පවතින අවිශ්වාසය දුරු කර ඉතා පහසුවෙන් ගමන් බිමන් යාමට අවස්ථාව සැලසේ.
වැඩිදුර තොරතුරු සඳහා 0112 222 222 යන අංකයෙන් හේලීස් මොබිලිටි විශේෂඥ කණ්ඩායම අමතන්න. නැතිනම් http://www.hayleysmobility.com/ හෝ https://omodajaecoo.com.lk/ යන වෙබ් අඩවි වෙත පිවිසෙන්න.

Video Story