ශ්‍රී ලංකාවේ පුහුණු ගොවිපළක් විවෘත කරන්න නවසීලන්ත අගමැති එයි

    January, 26, 2016

    නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව අද දෙරණ Biz වෙත වාර්තා වේ.

    ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම විසින් ඉදිකිරීම් ආරම්භ කරන ලද ආදර්ශන හා පුහුණු ගොවිපළ විවෘත කිරීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇත. පන්නල පිහිටා ඇති මෙම ආදර්ශන හා පුහුණු ගොවිපළ සඳහා ෆොන්ටෙරා ආයතනය රුපියල් මිලියන 117 ක් ආයෝජනය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගමේ අධ්‍යක්ෂ, ආයතනික සබඳතා, වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා කියා සිටියේ බොහෝ දුරට පෙබරවාරි 25-26 දිනවල නවසීලන්ත අගමැතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවයි.