ශ්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී පෙරළියක්ඃ JKCG Auto 2024 EV Motor Show හිදී BYD නව බලශක්ති වාහන (NEVs) එළිදක්වයි

    June, 28, 2024

    • සම්පූර්ණයෙන් විදුලියෙන් ක‍්‍රියා කරන BYD ATTO 3, BYD DOLPHIN සහ BYD SEAL මෝටර් රථ එළිදක්වයි
    • BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD ​​DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ‍්‍රී ලංකාවට
    • ශ‍්‍රී ලංකාව තුළ EVs සඳහා වූ ප‍්‍රථම ප‍්‍රදර්ශනාගාරය ළඟදීම විවෘත කරමින් දිවයින පුරා ප‍්‍රදර්ශනාගාර ජාලයක් පිහිටුවීමට ද පියවර
    • විද්‍යුත් වාහන හිමිකරුවන්ට කිසිඳු බාධාවකින් තොරව charge කිරීමේ පහසුකම් සහිතව පුළුල් charge කිරීමේ ජාලයක්

    ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD මගී වාහන සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතයා මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global හි අනුබද්ධිත සමාගමක් වන CG Auto පුද්ගලික සමාගම අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන JKCG Auto පුද්ගලික සමාගම EV Motor Show 2024 හිදී සම්පූර්ණයෙන් විදුලියෙන් ක‍්‍රියා කරන BYD විසින් නිෂ්පාදනය කරනු ලබන BYD නව බලශක්ති වාහන නිල වශයෙන් එළිදැක්වීය. මෙය මෙරට තිරසාර ගමනාගමනය සඳහා අති නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.

    අද (28) සිට 30 වනදා දක්වා BMICH හිදී පැවැත්වෙන මෙම මෝටර් රථ ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අති නවීන BYD NEVs මහජනතාව වෙත නිරාවරණය කරන ලදී.

    ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන් මෙම උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී විය.

    ඒ අනුව මෙම ප‍්‍රදර්ශනයේදී සම්පූර්ණයෙන් විදුලියෙන් ක‍්‍රියා කරන BYD විසින් නිෂ්පාදනය කරනු ලබන BYD නව බලශක්ති වාහන සමූහය එළිදැක් වූ අතර එයට ආකර්ෂණීය පෙනුම, 650km ක් දක්වා දිගු ධාවන කාලය සහ තත්පර 3.8 කින් පැයට කිලෝමීටර 0-100 දක්වා වේගය වැඩි කිරීමේ හැකියාව සහිත සුඛෝපභෝගී සෙඩාන් BYD SEAL පුළුල් ඉඩකඩ, උසස් තත්වයේ ආරක්ෂිත විශේෂාංග සහ 480km ක් දක්වා දිගු ධාවන කාලයක් සහිත පවුලේ සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති SUV මෝටර් රථයක් වන BYD ATTO 3 ඇතුළුව කුඩා එහෙත් ප‍්‍රබල කාර්යසාධනය, කාර්යක්ෂම බව, 410km ක් දක්වා දිගු ධාවන කාලය මෙන්ම තත්පර 7.9 කින් පැයට කිලෝමීටර 0-100 දක්වා වේගය වැඩි කිරීමේ හැකියාවෙන් යුත් BYD DOLPHIN යන EVs අයත් විය.

    තවද 1,100km ක් දක්වා දිගු ධාවන කාලයක් සහිත BYD Super Plug-in Hybrid EV තාක්ෂණයෙන් සමන්විත BYD ​​DM-i මාදිලියේ පළමු මෝටර් රථය වන BYD SEALION 6 ළඟදීම ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය.

    ශ‍්‍රී ලංකාව නව බලශක්ති වාහන සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ සිය කැපවීම ශක්තිමත් කරමින් JKCG Auto විසින් BYD මෝටර් රථ සහ විද්‍යුත් (EV) වාහනවලට දැඩි කැමැත්තක් දක්වන පුද්ගලයින් සඳහා කොළඹ, අති නවීන පහසුකම්වලින් සමන්විත ප‍්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමට ද සැලසුම් කර ඇතx ඉදිරි සති කිහිපය තුළදී මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත මෙම ප‍්‍රදර්ශනාගාරය හරහා මෙවැනි අති නවීන මෝටර් රථ වල ඇති උසස් තාක්ෂණය, විශේෂාංග සහ ප‍්‍රතිලාභ මනාව විදහා දක්වමින් නරඹන්නන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නිසැකය.

    මේ අතර JKCG Auto විසින් දේශීය කුසලතා වැඩිදියුණු කිරීමට සහ කලාපය තුළ නව බලශක්ති වාහන (NEVs) සඳහා විශේෂ කේන්ද්‍රස්ථානයක් නිර්මාණය කිරීමට BYD සමඟ ඇති හවුල්කාරිත්වය තවදුරටත් උපරිම ලෙස භාවිත කරමින් සිටී. මේ සඳහා, BYD විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම EVs සඳහා වූ අති නවීන පහසුකම්වලින් සමන්විත සේවා ස්ථානය සඳහා පළමු කණ්ඩායම පුහුණු කිරීම ආරම්භ කර ඇති අතර එමගින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වන පරිදි දේශීය කුසලතා ඉහළ නංවා ගැනීම අරමුණු කරගත් අනාගත සහයෝගීතාවයන් සඳහා පූර්වාදර්ශයක් සපයයි.

    මීට අමතරව JKCG Auto විසින් දිවයින පුරා EV charge කිරීමේ පුළුල් ජාලයක් පිහිටුවීම සඳහා JKH සතු සම්පත් උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් ශ‍්‍රී ලංකාව තුළ තිරසාර ප‍්‍රවාහන යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමට ඇති සමාගමේ කැපවීම ශක්තිමත් කළේය. ඉක්මනින් charge කිරීමේ පහසුකම් ඉදිරි මාස කිහිපය තුළ නිම කිරීමට නියමිතය. ඒ හරහා EV වාහනවලට තුන් ගුණයක් වේගයෙන් charge කිරීමේ හැකියාව ලැබෙන අතර EV හිමිකරුවන්ට මෙය මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය.