November, 13, 2015
තායිලන්ත අන්තර්ජාතික සංවර්ධන සහයෝගීතා ඒජන්සිය විසින් පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට මානව සම්පත සංවර්ධනය සඳහා ශිෂ්‍යත්ව හා පුහුණු වැඩසටහන් දියත් කිරීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවත්නා ද්විපාර්ශවික තාක්ෂණික සහයෝගීතාවය යටතේ මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් තායිලන්තය සුවිශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි.
මේ යටතේ කෘෂිකාර්මික, ආහාර, ග්‍රාමීය සංවර්ධන, ස්වයං රැකියා, සංචාරක, රාජ්‍ය තාන්ත්‍රික යනාදී ක්ෂේත්‍රයන් යටතේ මෙම ශිෂ්‍යත්ව හා පුහුණු වැඩසටහන් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.
Video Story