ශ්‍රී ලංකාවේ මිනිරන් පතලකට ඉන්දියාවේ ඇස යොමුවෙයි

    May, 27, 2024

    ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ මිනිරන් පතලක හිමිකාරීත්වය අත්පත් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා සිදුකරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ලොව වඩාත් අවධිගත ඛනිජ (critical minerals) සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා ගෝලීය සන්ධාන ඇති කර ගැනීමේ සැලැස්ම ඉදිරියට ගෙන යමින් ඉන්දියාව මෙම මුලපිරීමට එළඹ තිබේ.

    විදුලි මෝටර් රථ සඳහා අවශ්‍ය බැටරි සංවර්ධනයේ දී ඉන්දියාවට මිනිරන් වඩාත් වැදගත් සාධකයක් වේ. එහිදී ශ්‍රී ලංකාවේ මිනිරන් 98%කට වඩා වැඩි කාබන් අන්තර්ගතයක් සහිත ලොව ඉහළම ශුද්ධ මිනිරන් ගණයට අයත් වන බැවින් ශ්‍රී ලංකාවේ මිනිරන් ඉන්දියාවට ඉතා වැදගත් වනු ඇත.

    ලොව වඩාත් අවධිගත ඛනිජ සැපයුම් වෙනුවෙන් ඉන්දියාව මේ වන විට රටවල් කිහිපයක්ම සමඟින් ගිවිසුම්වලට එළඹ ඇත. එහිදී cobalt සහ තඹ වෙනුවෙන් කොංගෝ ජනරජය සමඟත්, niobium හා ග්‍රැෆයිට් වෙනුවෙන් ටැන්සානියාව සමඟත්, ග්‍රැෆයිට් සහ ටයිටේනියම් වෙනුවෙන් දකුණු අප්‍රිකාව සමඟත් ගිවිසුම්ගත වී ඇති බව වාර්තා වේ.ෙ