December, 9, 2025
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ජනවාරි 26-30 දිනයන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වීමට නියමිත Gulfood ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේදී ලංකාවෙන් ප්‍රදර්ශනය කරන මෙතෙක් විශාලතම (B2B) ප්‍රදර්ශන මණ්ඩපය සංවිධානය කිරීමට සූදානමින් සිටී.
එම ප්‍රදර්ශනය සඳහා සහභාගි වන අපනයනකරුවන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ පූර්ව වැඩමුළුවට සමගාමීව විශේෂ මාධ්‍ය හමුවක් අද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම මණ්ඩලය පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා කෘෂි අපනයන අංශයේ අධ්යක්ෂ ජනක් බදුගම මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ අපනයනකරුවන් රැසක් සහභාගී වූහ.
Expo City හි ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානය වර්ග මීටර් 510 ක ඉඩ ප්‍රමාණයක් ආවරණය කරන ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩපයේදී පොල් ආශ්රිත නිෂ්පාදන, සැකසූ ආහාර, කුළුබඩු, තේ සහ ආහාරයට සූදානම් නිෂ්පාදන ඇතුළු විවිධාකාර නිෂ්පාදන ප්‍රදර්ශනය කරන ප්රමුඛ අපනයන සමාගම් 61 ක් සහභාගී වනු ඇත.
ලොව වැදගත්ම ආහාර සහ පාන ජාත්‍යන්තර ප්‍රදර්ශන වලින් එකක් ලෙස පිළිගත් Gulfood ජාත්‍යන්තර ප්‍රදර්ශනය ජාල සම්බන්ධතා, නවෝත්පාදන සහ ව්‍යාපාර සංවර්ධනය සඳහා වන ප්රමුඛ වේදිකාවක් ලෙස එහි වටිනාකම නිරන්තරයෙන් ප්‍රදර්ශනය කර ඇත. 2025 Gulfood ප්‍රදර්ශනය දින පහක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 20 ක පමණ වෙළඳ ගනුදෙනු ජනනය කළ බව වාර්තා වන අතර, රටවල් 129 කින් ප්‍රදර්ශකයින් 5,500 කට අධික සංඛ්‍යාවක් සහ නිෂ්පාදන මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළ අතර අමුත්තන් 144,000 කට වඩා වැඩි පිරිසක් එයට ආකර්ෂණය විය.
Gulfood 2026 හි 31 වන ප්‍රදර්ශනය ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානය යන ස්ථාන දෙකක් හරහා පවත්වනු ලබන අතර එය මේ දක්වා පැවති ප්‍රදර්ශනවලින් විශාලතම ප්‍රදර්ශනය බවට පත්වේ.
Gulfood 2026 සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොළවල අපනයන පුළුල් කිරීම සඳහා වන උපායමාර්ගික මුලපිරීමක් නියෝජනය කරයි. 2024 දී MEASA කලාපයට (මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියාව) ඇමරිකානු ඩොලර් මිලියන 1,381 ක වටිනාකමින් යුත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික භාණ්ඩ අපනයනය කර ඇති අතර ආහාර සහ පාන නිෂ්පාදන මෙම මුළු එකතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,171.31 ක් වාර්තා විය.
මෙම ප්‍රදර්ශනය මැදපෙරදිග, අප්‍රිකාව, දකුණු ආසියාව මෙන්ම යුරෝපා සංගමය සහ ආශ්රිත වෙළඳපොළවල් හරහා පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ ආහාර සහ පාන නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට උපායමාර්ගික අවස්ථාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වන්නේ 2027 වන විට MEASA කලාපයට අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 20-30 කින් වැඩි කිරීමයි.
Video Story