ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ ආයෝජනයට ඇමරිකානු සමාගම්වලට ජූලි චන්ග්ගෙන් ආරාධනා

    August, 15, 2025

    මෙරට වරාය ක්ෂේත්‍රයේ ආයෝජනයට සම්බන්ධ වන ලෙස ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය අමරිකානු සමාගම් වලට ඊයේ (14) ආරාධනා කළා ය.

    ඇමරිකානු ආයතන 50ක පමණ නියෝජිතයන් සමග මාර්ගගතව මෙම සාකච්ඡා සිදු වී ඇති අතර ඉන්දීය හා ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රමුඛ කාර්යභාරයක් ශ්‍රී ලංකා වරාය ආශ්‍රිතව සිදු වන බවත් ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රමුඛ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස වරාය හැඳින්විය හැකි බවත් ඇය පැවසී ය.

    එවැනි තත්ත්වයක දී ඇමරිකානු තාක්ෂණය භාවිතයෙන් වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ බහාළුම් හැසිරවීමේ ධාරිතාව වැඩි කළ හැකි බව ද ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පැවසුවා ය.

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ද, වරාය නියෝජිතයන්ගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම වෙබිනාර් අදහස් හුවමාරුවේ දී දෙරට අතර ආර්ථික සහ ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඇමරිකානු ආයෝජන වැදගත් වනු ඇතැයි ද චන්ග් මහත්මිය සඳහන් කළා ය.