ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 49.9% දක්වා ඉහළට

    January, 21, 2026

    ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2025 තෙවන කාර්තුවේ දී 49.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර සිටී. මෙම ප්‍රමාණයෙන් 68.6%ක් පිරිමි පුද්ගලයින් වන අතර 33.9% ක් කාන්තාවන් වේ.

    2024 තෙවන කාර්තුව වන විට 46.9% ක් ලෙසින් දැක්වුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය මෙලෙස මාස 12 ක කාලයක් තුළ දී 49.9%ක් දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි.

    2025 තෙවන කාර්තුව අවසන් වන විට මෙරට ආර්ථිකමය වශයෙන් සක්‍රීය ජනගහනය මිලියන 8.46ක් වන අතර එයින් මිලියන 5.36ක් පිරිමි සහ මිලියන 3.10ක් කාන්තාවන් බව මෙම වාර්තාව පෙන්වා දේ.

    මෙම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates