ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඩිජිටල් ප්‍රවර්ධනය ශක්තිමත් කරමින් LilyLanka වේදිකාව ඇරඹෙයි

    March, 18, 2026

    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඩිජිටල් ප්‍රවර්ධනය ශක්තිමත් කරමින් ලිලී ලංකා LilyLanka වේදිකාව (SLTDA Registered Sri Lanka Travel & Hotel Booking Platform) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ දී ඇරඹිණි.

    සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගෝලීය සංචාරක ව්‍යාපාරය වැඩි වැඩියෙන් හැඩගැසී ඇත්තේ සංචාරකයින් ගමනාන්ත සොයා ගන්නා ආකාරය සහ වෙන්කරවා ගන්නා ආකාරය කෙරෙහි බලපාන ඩිජිටල් වේදිකා මත බවයි.

    ඩිජිටල් ආර්ථිකයක් සහ ස්මාර්ට් සංචාරක ව්‍යාපාරයක් සඳහා ශ්‍රී ලංකාවේ ගෙන ඇති හැරවුම කෙරෙහි සමපාත වන කාලෝචිත මුලපිරීමක් ලෙස LilyLanka පෙන්වා දිය හැකි අතර, රට තුළ සංචාරක ආදායමෙන් වැඩි කොටසක් රඳවා ගැනීමට ද මෙය උපකාරී වනු ඇතැයි පෙන්වා දුන්නේ ය.

    Video Story

    Stock Market

    Exchange Rates