ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක කර්‌මාන්තයේ ප්‍රර්වධනය සඳහා ලෝක ප්‍රකට කිමිදුම්කරුවන් තිදෙනෙකු එක්වෙයි

    March, 13, 2026

    ගෝලීය සංචාරක කර්මාන්තය තුළ වර්තමානය වන විට ස්කූබා කිමිදීම (scuba diving), ස්නෝකලිං (snorkeling), මුහුද දිය මත පාවීම සහ සමුද්‍ර ජීවී අත්දැකීම් වැනි ක්‍රියාකාරකම් ඇතුළත් සමුද්‍රීය සංචාරක වැඩසටහන් සඳහා වැඩි ආකාර්ෂණයක් හිමිව ඇත. එමඟින් සංචාරකයන් හට ස්වභාවික මුහුදේ ඇති සුන්දරත්වය, දිය යට ඇති පාරිසරික සුන්දරත්වය, ගිළුණු ඓතිහාසික නැව් ගවේශනය කිරීම ආදී අවස්ථාවන් හිමිකර දෙන අතර, මෙ වෙරළබඩ ආර්ථිකයේ වර්ධනයට මෙන්ම සමුද්‍ර සංකරක්ෂණයද ප්‍රවර්ධනය කරනු ලබයි. එබැවින් ලොව පුරා පිහිටි සුන්දර සංචාරක ගමනාන්තයන් සංචාරක ආකර්ෂණය සඳහා සිය වෙරළබඩ උරුමයන් ප්‍රදර්ශනය කිරීම, තිරසාර සහ වික්‍රමාන්විත කිමිදුම් අත්දැකීම් සොයන සංචාරකයින්ගේ උදෙසා සමුද්‍රීය සංචාරක ව්‍යාපෘතීන් හි ආයෝජනය කිරීමට යොමුව ඇත.

    ගෝලීයව නිර්මාණය වී ඇති මෙම නව ප්‍රවණතාවයට අනුගත වෙමින්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) විසින් සර්බියානු ජාතික කීර්තිමත් කිමිදුම්කරුවන් තිදෙනෙකු වන Mr. Janez Kranjc, Ms. Ivana Orlovic Kranjc ໑໙ Ms. Dorotea Dikic ໖ ໑໙໖ ທວ ໑ -ආරාධනා කර ඇත. මෙම ආරාධනයට අනුව ඔවුන් විසින් මාර්තු මස 06 වැනි දින සිට 19 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ වෙරළ තීරය තුළ ඇති සුවිශේෂී සහ ඓතිහාසික නැරඹුම් ස්ථානයක් නිරීක්ෂණය කිරීමට නියමිතය. මෙම වැඩසටහන ඔසසේ කොළඹ, මීගමුව, මිරිස්ස, කිරින්ද සහ ගාල්ල යන ප්‍රදේශ ඇතුළත්ව සිදු කරනු ලබනයි.

    විශේෂයෙන් මෙම සමුදුරු ජල යට සිදුකරන ගවේශනය තුළින්, ශ්‍රී ලංකාව කිමිදුම් කාර්යයන් සඳහා නැඟි එන ගමනාන්තයක් ලෙස ප්‍රර්වධනය කිරීම මූලික අරමුණ වේ. එහිදී මෙම කීර්තිමත් සර්බියානු කිමිදුම්කරුවන් විසින් ලාංකිය සමුදුර කිමිදුම් කාර්යය සඳහා ඇති සුවිශේෂ බව ඉස්මතු කරනු ඇත. විශේෂයෙන් මෙහි ඇති දියබත් වූ ඓතිහාසික නැව්, සමුදුරු ජීවි වාසස්ථාන සහ සමුදුරු ජෛව විවිධත්වය ආදී සුවිශේෂී අංගයන් ඉස්මතු කරමින් වික්‍රමාන්ත විත සහ මුහුදු කිමිදුම් කරුවන් සඳහා ජාත්‍යන්තර මුහුදු කිමිඳුම් ලොලීන් වෙත උත්තේජනයක් සහ උද්යෝගයක් ඇති කිරීම සිදු කරයි.

    මෙයට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව මෙම කීර්තිමත් කිමිදුම් කරුවන් අත්දැකීම් සමඟින් නිර්මාණය කරන ලද අන්තර්ගතයන්ගෙන් යුතු නව ශ්‍රී ලංකා නාවික හමුදා වෙබ් අඩවිය එළි දැක්වීමටද නියමිතය. තවද දේශීය මෙන්ම ගෝලීය සංචාරකයන් ඒකාබද්ධ කරමින් ඔවුන් වෙත ගෙනයමින් ප්‍රවර්ධන කාර්යය සඳහා මෙම අන්තර්ගතයන් එකම දිනයේදී SLTPB හි නි වෙබ් අඩවියේදී පළකිරීම තුළින් මෙම ප්‍රර්වර්ධන කාර්යය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු යොදා ඇත.

    ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රර්වර්ධන කාර්‌යාංශය අතර ඇති මෙම සහයෝගිතාවය තුළින් තිරසර සමුද්‍රීය සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ ලොව ඉදිරියට ශ්‍රී ලංකාවේ ජලය යට උරුමය ප්‍රදර්ශනය කිරීම සඳහා ඇති එකමුතුබවේ කැපවීම ඉස්මතු කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates