March, 31, 2026
මෙරට රැකියා ක්ෂේත්‍රය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස ‘HotJobs’ පසුගිය දා නිල වශයෙන් දියත් කරන ලදී.
වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක් ලෙස HotJobs හැඳින්විය හැකිය.නව්‍ය තාක්ෂණය සහ නව සේවකයන් බඳවා ගැනීම පිළිබඳ ප්‍රායෝගික අවබෝධය ඒකාබද්ධ කරමින් ආයතනවලට ඵලදායී ලෙස දක්ෂයන් හඳුනා ගැනීමටත්, රැකියා අපේක්ෂකයන්ට අර්ථවත් අවස්ථාවන් කඩිනමින් ලබා ගැනීමටත් මෙම වේදිකාව බෙහෙවින් උපකාරී වනු ඇත.
HotJobs යනු InTalent Asia සහ InspireX යන ආයතනවල සහයෝගීතාවයෙන් ස්ථාපිත කරන ලද Careers360 Sri Lanka නව මානව සම්පත් කේන්ද්‍රීය සමාගම යටතේ දියත් කරන ලද පළමු නිෂ්පාදනය වේ. නව සේවක බඳවා ගැනීම් පිළිබඳ තිබෙන ප්‍රවීණ අත්දැකීම් සහ ඩිජිටල් නවෝත්පාදනයන් එකට මුසු කරන මෙම ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ මනා සම්බන්ධතාවයක් සහිත මානව සම්පත් පද්ධතියක් ගොඩනැගීමය.
නව රැකියා අවස්ථාවන් සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ දී සිදුවන වෙනස්කම් සහ බුද්ධිමත් බඳවා ගැනීමේ විසඳුම් සඳහා පවතින අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කළ බව සඳහන් කළ HotJobs සහ InTalent Asia හි ප්‍රධාන විධායක නිලධාරිනී හේෂාණි කෞමදී මහත්මිය තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"අපි HotJobs නිර්මාණය කළේ සේවා ආයතන සහ රැකියා අපේක්ෂකයන් සම්බන්ධ වන ආකාරය වැඩිදියුණු කිරීම පිළිබඳව පැහැදිලි දැක්මක් සහිතවයි. දිනෙන් දින රැකියා අවස්ථාවන් සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය දියුණු වීමත් සමග තාක්ෂණය සහ නව රැකියා බඳවා ගැනීම් පිළිබඳ සැබෑ අත්දැකීම් මුසු වූ බුද්ධිමත් වේදිකාවක් තිබීමේ අවශ්‍යතාවය අපි බෙහෙවින් විශ්වාස කරනවා. එම අනාගතය ගොඩනැගීමේ මූලික පියවර ලෙස අපිට HotJobs හැඳින්විය හැකියි."
රැකියා අවස්ථාවන් සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සහ ශ්‍රම බලකාය සැලසුම්කරණයට නවෝත්පාදනයන් ඉවහල් කර ගත හැකි ආකාරය සහ එහි වැදගත්කම මැනවින් ඉස්මතු කළ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, විධායක නිලධාරීන් සහ මානව සම්පත් වෘත්තිකයන් රැසක් සහභාගී වූහ. HotJobs වේදිකාව නිල වශයෙන් දියත් කිරීමෙන් අනතුරුව 'ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථාවන් සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ අනාගතය සහ ශ්‍රම බලකායේ නවෝත්පාදනයන්' පිළිබඳ විද්වත් සාකච්ඡාවක් ද සංවිධානය කර තිබූ අතර එය සහභාගීවූවන් වෙත ඉතා හරවත් අත්දැකීමක් තිළිණ කළේය.
Careers360 Sri Lanka හි සාර්ථක දිගු ගමනක ආරම්භය HotJobs දියත් කිරීම හරහා සනිටුහන් වන අතර ඉදිරියේදී ද සේවා ආයතන, රැකියා අපේක්ෂයන් සහ සමස්ත රැකියා වෙළෙඳපල තුළ වර්ධනය වන අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන සහ විසඳුම් හඳුන්වා දීමට එම සමාගම බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාව තුළ දක්ෂ රැකියා අපේක්ෂකයන් හඳුනාගැනීම, ඇගයීම සහ ඔවුන්ට අවස්ථාවන් ලබා දීම සම්බන්ධයෙන් මනා දායකයත්වයක් HotJobs විසින් පිරිනමනු ලැබේ. රැකියා අවස්ථාවන් සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය නව තාක්ෂණය සමඟ අඛණ්ඩව වර්ධනය වන විට අනාගතයේ දී මෙම වේදිකාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.
Video Story