ශ්‍රී ලංකාවේ “Smoke & Bitters”, Asia’s 50 Best Bars 2024 ලැයිස්තුවේ 29 වැනි තැනට

    July, 17, 2024

    Asia's 50 Best Bars 2024 ලැයිස්තුවේ 29 වැනි ස්ථානයට ශ්‍රී ලංකාවේ Smoke & Bitters පත්ව ඇති බව Asia's 50 Best Bars නවතම වර්ගීකරණය නිවේදනය කර සිටී.

    පසුගිය වර 40 වැනි ස්ථානයේ සිට මෙවර 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 ක් ඉදිරියට පැමිණීමට Smoke & Bitters සමත්ව තිබීම විශේෂත්වයකි.

    පසුගිය ද හොංකොං හි පැවති සජීවී උත්සව අවස්ථාවක දී මෙම නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිවේදනය කෙරුණු අතර එහි පළමු ස්ථානය හොංකොං හි Bar Leone සමත් වී තිබුණි. Bar Leone, Asia's 50 Best Bars ලැයිස්තුවට එක් වූ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

    මෙම ලැයිස්තුවට සිංගප්පූරුවේ බීමහල් (bars) 11 ක් ඇතුළත් වී තිබෙන අතර The Best Bar in Singapore ලෙසින් අඛණ්ව පස්වතාවක් සම්මානයට පාත්‍ර වූ Jigger & Pony ලැයිස්තුවේ තෙවන තැන හිමිකර ගෙන තිබුණි.

    ලොව කීර්තිමත් පානීය ජල නිෂ්පාදන සමාගමක් වන ප්‍රංශයේ Perrier විසින් මෙම සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් එක්වී තිබේ.

    නවතම Asia's 50 Best Bars 2024 පහතින් දැක්වේ.