February, 9, 2026
ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සහ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය (Sports Tourism) ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි (Qais Al-Dhalai) මහතා සහ ශ්‍රී ලංකා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඩුබායි හි අල් බයිට් මන්දිරයේදී (Al Bayt Palace) පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ඩුබායි හි පිහිටි ප්රමුඛ පෙළේ ක්‍රීඩා සංවිධානයක් වන Sri Lions International ආයතනයේ සභාපති ආචාර්ය කැලුම් සුජිත් පෙරේරා මහතා ඇතුළු එම මණ්ඩලයේ සාමාජික පිරිසක් ද එක්ව සිටියහ.
සාකච්ඡාවේ ප්‍රධාන කරුණු:
ජාත්‍යන්තර තරගාවලි ශ්‍රී ලංකාවට: ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර රග්බි තරගාවලි සංවිධානය කිරීම මගින් විදෙස් ක්‍රීඩකයින් සහ ක්‍රීඩා ලෝලීන් මෙරටට ආකර්ෂණය කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමගින් මෙරට සංචාරක ක්ෂේත්රය සහ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය: ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ තාක්ෂණික ප්රමිතීන් ඉහළ නැංවීමටත්, ක්‍රීඩකයින්ට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් සහ පහසුකම් ලබා දීමටත් ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව සභාපති කයිස් අල්-ධලයි මහතා සහතික විය.
අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේ, මෙවැනි ජාත්‍යන්තර සබඳතා හරහා ශ්‍රී ලංකාව කලාපීය ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීම රජයේ ප්රමුඛ අරමුණක් බවයි.
Video Story