October, 20, 2025
2025 ඔක්තෝම්බර් මස 8 වන දින සිට 10 වන දින දක්වා ඉතාලියේ රිමිනි හි දී පැවැත් වූ TTG Travel Experience 2025 අන්තර්ජාතික සංචාරක ප්‍රදර්ශනය ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය එක්ව එහි ශ්‍රී ලංකා නියෝජනය සංවිධානය කරන ලද අතර එමඟින් සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක සංචාරක කර්මාන්තයට ශ්‍රී ලංකාවෙන් ලබාදිය හැකි දායකත්වය මනාව පිළිඹිබු වූ අතරම කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සංචාරක ක්ශේෂ්ත්‍රයෙහි දියුණුව පිළිබඳවද මනා අවබෝධයක් ලබා දීමට හැකිවිය. යුරෝපීය වෙළඳපොල තුළ සංචාරක ගමන්නන්තයක් ලෙස ශ්‍රී ලංකාවෙහි ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීම මෙම සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වීමේ ප්‍රමුඛතම අරමුණ විය.
ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත කළමණාකරන ආයතන (DMC) 24 ක නියෝජිතයින්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කුටිය මෙවර ප්‍රදර්ශනයේ විශේෂ අවධානයක් දිනාගත් අතර නව සේවාදායකයන් හා සහසම්බන්ධ වෙමින් තම ව්‍යාපාර වර්ධනය කරගැනීමට සහභාගී වූ ආයතන වලට අවස්ථාව සැළසෙන ලදී. ශ්‍රී ලංකාව තුළ සංචාරකයන් හට ලබාගත හැකි විවිධත්වයෙන් පිරි අත්දැකීම් වන මනස්කාන්ත වෙරළ තීරයන්ද, සංස්කෘතික උරුමයන්ද, වනජීවී ගවේෂණ චාරිකාද, ශරීර සුවතා ප්‍රතිකාරයන්ද ඇතුළු විවිධ අන්දමේ අත්දැකීම් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලදී. නව ව්‍යාපාර සබඳතා ඇතිකර ගැනීමත්, පවතින සබඳතා පුළුල් කිරීමත්, නව ව්‍යාපාරික හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමත් තුළින් ආසියාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සංචාරක ප්‍රදර්ශනය ඉතා වටිනා අවස්ථාවක් විය.
මෙම තෙදින පුරාම ශ්‍රී ලංකා වෙළඳ කුටිය සංචාරක නියෝජිතයන්, මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු විවිධ වෘතිකයන්ගේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර ඔවුන් සමඟ ව්‍යාපාරික මට්ටමේ සකච්ඡා පවත්වන අතරම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සංචාර කෙරෙහි ඇල්මක් දක්වන සමාන්‍ය ජනතාවට සඳහා අවශ්‍ය තොරතුරු මැනවින් සංනිවේදනය කිරීමටද හැකි විය. ශ්‍රී ලංකාවේ වෙනස්ම වූ සංචාරක අත්දැකීම්, ප්‍රජා පාදක සංචාරක අත්දැකීම්, පාරිසරික සංචාරක ව්‍යපෘති, සංස්කෘතික සංරක්ෂණය සහ ශරීර යෝග්‍යතා හා අයුර්වේද අංශයෙන් අත්කරගෙන ඇති කීර්තිය වැනි කරුණු කුටියට පැමිණි බොහෝ දෙනාගේ නොමද පැසසුමට ලක්විය.
62 වන වරටත් පැවැත්වූ TTG Travel Experience සංචාරක ප්‍රදර්ශනය ඉතාලියේ පැවැත්වෙන ප්රමුඛතම අන්තර්ජාතික සංචාරක ප්රදර්ශනය ලෙස සැලකෙන අතර, සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්යාපාරිකයන් එකිනෙක සම්බන්ධ වන වෙළඳපළ අවකාශයක් ලෙසද හඳුන්වාදිය හැක. ඉතාලියේ සංචාරක අමාත්‍ය දැනියෙලා සන්තාන්කෙ මහත්මිය විසින් ඔක්තෝම්බර් මස 8 වන දින ප්‍රදර්ශනය විවෘත කරන ලද අතර එහිදී ඇය විසින් සංචාරක කර්මාන්තයෙහි සංඛ්යාත්මක වර්ධනයට වඩා ගුණාත්මක වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමේ වටිනාකම අවධාරණය කරන ලදී. මෙම වසරේදී ප්‍රදර්ශනය සඳහා වාර්ථාගත සහභාගීත්වයක් දක්නට තිබූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 3% ක වර්ධනයක් ලෙස දැක්විනි. තෙදිනක් පැවති මෙම උත්කර්ෂවත් ප්‍රදර්ශනය ව්‍යාපාරික සන්නාම 2700 කට වැඩි ප්‍රමාණයක්ද, රටවල් 75 කින් විදේශීය ගැනුම්කරුවන් 1000 කට වැඩි ප්‍රමාණයක්ද, ඉතාලි සහ විදේශීය මාධ්‍යවේදීන් 700 කට වැඩි ප්‍රමාණයක්ද ඉතාලිය වෙත එක්රැස්කරවීමට සමත් විය.
Video Story