March, 26, 2022
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සකස් කරන ලද Article IV වාර්තාව මේ වන විට නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය පිළිබඳව මෙහිදී බරපතළ ලෙස සාකච්ඡා කර ඇත.
2019 දී පාස්තු ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති වූ කම්පනය මෙන්ම 2019 දී සිදුකරන ලද බදු කප්පාදු හේතුවෙන් රාජ්‍ය ආදායම දුර්වල වීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කර තිබේ.
"කාර්ය මණ්ඩල විශ්ලේෂණය මත පදනම්ව, ණය ආරක්ෂිත මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඉදිරි වසරවලදී අධික ලෙස ගැලපීම් අවශ්‍ය වනු ඇත" යනුවෙන් මූල්‍ය අරමුදල නිකුත් කරන ලද Article IV වාර්තාවේ සඳහන් වෙයි.
පිටු 95කින් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව පහතින් පරිශීලනය කළ හැකිය.
Video Story