March, 26, 2026
2030 වසර වන විට රජයේ සියලුම ගනුදෙනු 100%ක් ඩිජිටල්කරණය කිරීමටත්, ඇමරිකානු ඩොලර් බිලියන 15ක දැවැන්ත ඩිජිටල් ආර්ථිකයක් මෙරට තුළ ගොඩනැගීමටත් රජය සැලසුම් කර ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා එම ක්‍රියාවලිය සක්‍රීය කර ගැනීමට කටයුතු කරමින් තිබේ.
මෙම වැඩපිළිවෙළේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස, Mastercard ආයතනය විසින් සංවිධානය කරන ලද 'Access Unlocked v2.0' ඩිජිටල් ගෙවීම් පද්ධති දියත් කිරීමේ වැඩසටහන ඊයේ (25) දින ඩිජිටල් ආර්ථික ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) සඳහා අඩු පිරිවැයකින් යුත් ඩිජිටල් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම මූල්‍ය ඇතුළත් කිරීම් ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බවයි. මෙම සංසදයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට Mastercard SoundBox සහ SoftPOS වැනි නව්‍ය තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම දිරිගන්වන සුළු කරුණකි.
Mastercard Merchant Cloud මගින් බල ගැන්වෙන මෙම සේවාවන් හරහා කුඩා ව්‍යාපාරිකයන්ට ඉතා පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව හිමි වන අතර, එය රටේ සමස්ත ආර්ථික පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඉවහල් වනු ඇති බවයි.
රජය සහ පෞද්ගලික අංශය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය මෙරට ව්‍යාපාර බල ගැන්වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට ප්‍රධානතම සාධකය වේ.
ඩිජිටල් තාක්ෂණය වැළඳ ගැනීම හරහා විනිවිදභාවය ඉහළ නැංවීමටත්, ගෝලීය වෙළඳපොළ සමඟ ශ්‍රී ලංකාව බද්ධ කිරීමටත් රජය කැපවී සිටින අතර නව්‍ය මූල්‍ය විසඳුම් ප්‍රචලිත කිරීම මගින් සෑම ව්‍යවසායකයෙකුටම ඩිජිටල් ආර්ථිකයේ ප්රතිලාභ හිමිකර දීම මූලික අරමුණයි.
Video Story