January, 5, 2017
විදේශ වෙළඳපොළ ඉලක්ක කරගනිමින් විදේශ රටවල තත්ත්වයන්ට හා අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි එළවළු හා පලතුරු අපනයනය කිරීමට දේශීය ගොවීන්ට සහ ව්‍යාපාරිකයින්ට පහසුකම් සැලසීමට රජය විසින් කටයුතු කරනු ලැබේ.
ඒ අනුව, එළවළු සහ පලතුරු සකස් කිරීමේ, ඇසුරුම් කිරීමේ හා ගබඩා කිරීමේ පහසුකම් සහිත, ඒවායේ එකතු කළ අගය ඉහළ නැංවීම සඳහා වෙන් වූ මධ්‍යස්ථාන 03ක් (Value Addition Centers), රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාව යටතේ ගොවිපළ ආශ්‍රිතව ආරම්භ කිරීම පිණිස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story