February, 26, 2016
ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවන බවත් මේ හේතුව මත මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු දිළිඳු බව තුරන් කිරීමේ වැනි ණය ආධාර සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ රටේ වත්මන් ආර්ථිකක තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඊයේ (25) සන්ධ්‍යාවේ මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දීය.
“අද වන විට අප සිටින්නේ පහළ මැදි ආදායම් ලබන රටවල් කාණ්ඩයේ. එහිදී ප්‍රධාන වශයෙන් දේශීය වෙළෙඳපොළ මත යැපීමට අපට සිදුවෙනවා. ජාත්‍යන්තර ණය හා ආධාර ලැබෙන තෙක් බලා නොසිට රුපියල් හා ඩොලර් බැඳුම්කර හරහා මුදල් එක්රැස් කරන්න අප කටයුතු කරන්නේ ඒ නිසයි“, යනුවෙන් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී වඩාත් අර්ථාන්විත අයුරින් ෆිස්කල් ප්‍රතිපත්ති තීරණය කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
Video Story