ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන සමාලෝචනයට IMF විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

    July, 2, 2025

    ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ (EFF) සිව්වන සමාලෝචනයට ඊයේ (01) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 350ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමි වන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මෙරටට ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටියේ ය.