July, 5, 2016
ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතා වැඩිදියුණු කරමින් සංචාරක, සෞඛ්‍යය හා සමාජයීය අංශ සඳහා වැඩි දායකත්වයක් ලබා ගැනීමට පියවර ගන්නා බව තෙලන්ගනා ප්‍රාන්ත රජයේ ප්‍රධාන ලේකම් ආචාර්ය රජීව් ෂර්මා පැවසීය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පිරිසක් තෙලන්ගනා හි කළ සංචාරයක් අතරතුර ප්‍රධාන ලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් වරයා කියා සිටියේ ශ්‍රී ලංකාව ඓතිහාසික හා සංස්කෘතිමය වශයෙන් තෙලන්ගනාවට වැදගත් රාජ්‍යයක් බවයි.
තෙලගන්නා ප්‍රාන්තයේ අගනගරය හයිද්‍රාබාද් වන අතර එය තොරතුරු තාක්ෂණ, ඖෂධ නිෂ්පාදන, ගගන කර්මාන්තය සඳහා වැදගත් කේන්ද්‍රස්ථානයක් බව ප්‍රධාන ලේකම්වරයා මෙහිදී පැවසීය. මේ වන විට හයිද්‍රාබාද් නගරය ගූගල්, මයික්‍රොසොෆ්ට්, ඇමේසන් වැනි ලොව ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් හි මධ්‍යස්ථානයක් බවට මේ වන විට පත්වී තිබේ.