ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ගුරු සිසු හුවමාරුවක්

    February, 1, 2017

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ සිසුන් සහ ගුරුවරුන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මනියේ, මයින්ස්හි පිහිටි තාක්ෂණ විද්‍යාලය (BBS III) විසින් කැමැත්ත පළ කරනු ලැබ තිබේ.

    ඒ අනුව, සිසුන් හා ගුරුවරුන් හුවමාරු කරගැනීමේ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ, මයින්ස්හි තාක්ෂණ විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.