March, 29, 2021
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ ශාන්ත කිට්ස් හා නෙවිස් ෆෙඩරල් රජයේ රජය, දෙරටේ ජනතාවගේ අවශ්‍යතා හා අභිලාෂයන්ට අනුකූලව, 2021 මාර්තු 22 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීමට තීරණය කර තිබේ.
මෙම රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගැනීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශාන්ත කිට්ස් හා නෙවිස් හි නිත්‍ය නියෝජිත තානාපති ඉයන් මැක්ඩොනල්ඩ් ලිබර්ඩ් මහතා විසින් 2021 මාර්තු 22 වැනි දින නිව්යෝක් හි දී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීම මඟින් විධිමත් ලෙස සිදු කරන ලදී.
දෙරටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ මූලධර්ම මත පදනම්ව, දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා දේශපාලන, සමාජ-ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පවත්නා මිත්‍ර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට රජයන් දෙකම එකඟ වී තිබේ.