October, 14, 2016
ශ්‍රී ලංකාව හා කියුබාව අතර විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්රයන්හි සහයෝගිතාව දිරි ගැන්වීම හා ඒ සඳහා සහාය ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කියුබානු ජනරජය අතර ගිවිසුමක් අත්සන් තැබීමට සැලසුම් කර තිබේ.
මෙලෙස ඇති කර ගැනීමට නියමිත, 'විද්‍යාව, තාක්ෂණය හා නවෝත්පාදනය යන ක්ෂේත්රයන්හි සහයෝගිතාව පිළිබඳව වන ගිවිසුමට' අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.