ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ගුවන් සේවා ගිවිසුමක්

    November, 20, 2015

    ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තබා තිබේ. නිලධාරී මට්ටමින් අත්සන් තබා ඇති මෙම ගුවන් සේවා ගිවිසුම ඉදිරියේ දී බලයලත් නියෝජිතයකු විසින් අත්සන් තැබීමෙන් පසුව බලාත්මක කිරීමට නියමිතය.

    මෙරට සංචාරක කර්මාන්තයේ ඇතිවන වර්ධනය හේතු කොට ගෙන වැඩිවන ඉල්ලුම සපුරාලනු වස් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම පිණිස අනෙකුත් රටවල් සමඟ ගුවන් සබඳතා තර කර ගැනීමේ අරමුණු ඇතිව රජය විසින් මෙම පියවර සඳහා එළඹ ඇත.

    සර්බියානු ගුවන් සේවයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මීට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.