ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් රැසක්

    December, 7, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2016 දෙසැම්බර් මාසයේ 15 - 17 යන දිනයන්හි මැලේසියාවේ නිල සංචාරයක නියැළීමට නියමිතය.

    එකී නිල සංචාරය අතරතුර මැලේසියානු රජය සමඟ පහත සඳහන් ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    ඒ අනුව පහත සඳහන් අවබෝධතා ගිවිසුම් මෙම සංචාරය අතරතුර දී අත්සන් තැබීමට නියමිත යේ.

    * සංචාරක කර්මාන්තය ආශ්‍රිත ක්‍රියාකාරකම්හි සහයෝගිතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * පුහුණු, පර්යේෂණ හා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සහයෝගිත‍ාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියානු කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනය අතර වන අවබෝධතා ගිවිසුම.

    * ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ මැලේසියාවේ වැවිලි කර්මාන්ත හා පාරිභෝගික භාණ්ඩ අමාත්‍යාංශය අතර වන අවබෝධතා ගිවිසුම.

    * සංස්කෘතික, කලා හා උරුමය පිළිබඳ ක්ෂේත්‍රයෙහි සහයෝගිත‍ාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.

    * තරුණ සංවර්ධන ක්ෂේත්‍රයෙහි සහයෝගිත‍ාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම.