January, 10, 2025
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශයේ ගේට්ටු අවසරපත්‍ර නිකුත් කිරීම ඇතුළු කාර්යයන් රැසක් අද (10) දින සිට ඩිජිටල්කරණයට ලක් වේ. ඒ අනුව කඩදාසි රහිත කාර්යක්ෂම මානව සහභාගීත්වයක් සහිත නව සේවාවක් ලබාදිම මෙම වැඩපිළිවලේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
නව වැඩපිළිවල යටතේ මෙතෙක් සාමාන්‍ය ආකරයට කරන ලද ආනයන අපනයන ලියකියවිලි ඉදිරපත් කිරීම හා ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය වීම, සත්‍යෙක්ෂණ ගාස්තු එකතු කිරීම ස්වයංක්‍රීයකරණය, QR කේතය ඇතුළත් ඩිජිටල්කරණය කරන ලද ගේට් පාස් සහිත අපනයන සත්‍යාපන කළමනාකරණ පද්ධතියක් දියත් කිරීම නව වැඩ සටහනට අනුව සිදු කරයි.
මේ තුලින් විද්‍යුත් ගෙවීම් පහසුකම් පැය 24 පුරා සම්පූර්ණ සේවාව, විනිවිදභාවය, මානව සම්පත් අඩු කිරීම සහ පිරිවැය ඉතිරි කිරීම සිදු වනු ඇත.නව වැඩපිළිවල හදුන්වාදීමත් සමග ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ සානු බලයක් හිමි වේ.
1993 වසරේ දී ආයෝජන කලාපවලින් බැහැර දිවයින පුරා කර්මාන්ත ආරම්භ කිරීමත් සමග ඔරුගොඩවත්ත පිහිටි මධ්‍යම සත්‍යෙක්ෂණ අංශය ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා රේගුව හා එක්ව කර්මාන්ත හා සේවාවන්ගේ ආනයන හා අපනයන නිෂ්කාශණ කාර්යන් මෙම ආයතනයෙන් සිදු කෙරේ.
මෙම ආයතනයේ සේවා අපේක්ෂාවෙන් ආනයන අපනයන කටයුතු සිදු කරන සමාගම්වල නියෝජිතයින් විශාල පිරිසක් දිනපතා පැමිණෙන අතර, මෙතෙක් ඒ සදහා පැවතියේ පෝරම පුරවන,බලපත්‍ර නිකුත් කරන යල් පැනගිය ක්‍රමවේදයකි. නව ක්‍රමය යටතේ මෙම සියළු ක්‍රමවේදයන් නව්‍යකරණය වෙමින් ඩිජිටල් හදුනාගැනීමක් සමග ඩිජිටල් පද්ධතිය තුලින් අදාල අනුමැතියන් ලබාදිම ඇතුළු සියළු කාර්යන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩ සටහනේ ආරම්භක පියවර ලෙස ඩිජිටල් ගේට්ටු අවසරපත් නිකුත් කිරීම අද දින ආරම්භ විය.
ආරම්භක අවස්ථාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහිදී අදහස් දැන්වූ හේරත් මහතා, මෙරට කාර්මික අපනයන ආදායමෙන් 80%ක් උපයා දෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කර්මාන්ත තුලින් බවත්, ඒ සදහා එම කර්මාන්තයන්ට අවශ්‍ය සියළු යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් පැවසිය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්මේන්තුව මෙම ඩිජිටල් ක්‍රමවේදය හදුන්වාදිම අගය කරන බවත්එමගින් රජයේ මුදල් විශාල ප්‍රමාණයක් ඉතිර කර ගැනීමට අවස්ථාව ලැබුණු බවද පැවසීය.සියළු අංශ සදහා නව තාක්ෂණය උපයෝගි කර ගැනීමට අදහස් කරන බව අර්ජුන හේරත් තවදුරටත් මහතා පැවසිය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු ඉහලපෙලේ නිළධාරීන් රැසක් මෙම අවස්ථාවය සහභාගි වූහ.







Video Story