October, 15, 2024
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම කලාපයේ මෙහෙයුම් කටයුතු සදහා බිජිටල් ක්‍රමවේදය මත පදනම් වු නවතම ඩිජිටල් ක්‍රම පද්ධතියක් මෑතකදී හදුන්වා දි තිබේ. මෙමගින් තුළ ක්‍රියාත්මක ආයෝජකයින්ගේ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් නව මාර්ගගත පද්ධතිය ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සහ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) එක්ව අපනයන සැකසුම් කලාපය තුල පිහිටි සමාගම්වලින් සාම්පල ඉවත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා මෙම මාර්ගගත ද්වාරයක් ස්ථාපිත කර ඇත.
විශේෂයෙන්ම අපනයනය සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩයන්හි නියැදි වඩාත් ක්‍රමවත්ව ගබඩා කිරීම අත්‍යාවශ්‍ය වේ. මේ සඳහා පරිපාලන ක්‍රියා පටිපාටි ඩිජිටල්කරණය කිරීම කාර්යක්ෂම හා වඩා ඵලදායි වේ. මෙම බලපත්‍ර ක්‍රියා පටිපාටිය මාර්ගගත ක්‍රමවේදයට අනුව සිදු කිරීමෙන්, ප්‍රමාදයන් අවම විම, ලේඛන කටයුතු අඩු කිරීම සහ ආයෝජකයින්ට තම නිෂ්පාදන සහ අපනයන කාලසටහන් වඩාත් පහසුවෙන් සාක්ෂාත් කර ගැනීමට සහාය වීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වේ.
මෙම ඔන්ලයින් ක්‍රමය දියත් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ ඩිජිටල් පරිවර්තනයට සහය වීමට සහ එහි සේවාවන් වැඩිදියුණු කිරීමට ආයෝජන මණ්ඩලයේ විශාල උත්සාහයේ කොටසකි. නව වේදිකාව මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනවා පමණක් නොව වඩාත් විනිවිද භාවයෙන් සහ වගකීම් සහිත පරිපාලන ව්‍යුහයකට ද දායක වනු ඇත.
ඩිජිටල් මෙහෙයුම් භාවිතා කිරීම තුලින් ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජකයින් සහ අපනයනකරුවන් සඳහා ඉහළම ගමනාන්තයක් ලෙස පවතින බවට අපේක්ෂා කෙරේ.මීට අමතරව රාජ්‍ය සේවා සැපයීම සඳහා නව ප්රමිතීන් සැකසීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වේ.
ඉදිරියේදී අනෙකුත් අපනයන සැකසුම් කලාප වෙතද මෙම තාක්ෂණය ව්‍යාප්ත කිරීම මඟින් මෙහෙයුම් අවහිරතා අවම කර රට පුරා ව්‍යාපාර සඳහා වඩාත් බාධාවකින් තොර අත්දැකීමක් ලබා දීමට හැකිවනු ඇ. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයේ තරඟකාරිත්වය වැඩි කිරීමට සහ වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යාපාරික හිතකාමී පරිසරයක් පෝෂණය කිරීමේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි උපායමාර්ගික අරමුණට අනුකූල වේ.
අලුතින් හදුන්වාදෙන ලද තාක්ෂණය මඟින් නියැදි ඉවත් කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා සම්පූර්ණයෙන්ම කළමනාකරණය කිරීමට සමාගම්වලට හැකියාව ඇත.මෙතෙක් මේ සදහා වැය වූ කාලය හා මිනිස් ශ්‍රම පැය ගනන ඉතිරි වේ.
Video Story